ඌව කැරැල්ලට හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එක් වූ සෙන්පතින් 05 දෙනාද ජාතික විරුවන් ලෙස නම් කරන්නැයි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටීමේ යෝජනාවක් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධිකරණ කම්ටු රැස්වීමට ඉදිරිපත් කළේය .
ඒ හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධිකරණ කම්ටුව ඊයේ (27) රැස්වූ අවස්ථාවේදීය .
මෙලස ඌව කැරැල්ලට හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එක්වූ විරුවන් වන්නේ
01 වලවේ ඔරුකෙමෙ මුහන්දිරම්
02 කිවූලේ අමදෝරු රාළ
03 සීනි මුන්නේ රාළ
04 සපුගොඩ රාළ
05 උඩමලල ගමගේ කිරි අප්පු [ උඩමලල රාළ .] යන සෙන්පතියන් ය .
මෙහිදී දිලිප් වෙදආරච්චි මහතා සිය යෝජනාව ඉදිරිපත් කරමින් මෙසේද පැවසීය,
“ ඌව වෙල්ලස්ස නිදහස් අරගලයට මුහුණ දුන් විරුවන් දේශද්‍රෝහීන් ලෙස සුදු ජාතික පාලකයින් නම් කර තිබුනා . ඒ දේශද්‍රෝහී ලේඛනයේ සිටි ඌව කැරැල්ලේ විරුවන් දේශප්‍රේමින් ලෙස පසුගිය ජාතික නිදහස් දින ප්‍රකාශයට පත් කළා . හම්බන්තොට දිස්ත්‍රික්කයේ නායකයන් 05 දෙනෙක්ද ඌව කැරැල්ලට එක්ව හිටියා .
මෙම ඌව වෙල්ලස්ස කැරැල්ලට එක්වූ නායකයින් දේශප්‍රේමින් ලෙස පසුගිය ජාතික නිදහස් දින ජනාධිපතිතුමන් ප්‍රකාශයට පත් කළත්දේශප්රේමී ලැයිස්තුවට මේ හම්බන්තොට විරුවන් නම් කර තිබුනේ නැහැ . හම්බන්තොටදී පසුගිය පෙබරවාරි මස පැවති 71 වන ජාතික නිදහස් දින උත්සවයේදී අපි බලවත් කනගාටුවකට පත්වුණා . ඒ අපේ දිස්ත්‍රික්කයේ විරුවන් , අපේ මුතුන් මිත්තන් මේ දේශප්‍රේමී ලේඛනයට ඇතුලත් නොවීම පිළිබඳව .
මේ නායකයන් සටනට දිස්ත්‍රික්කයෙන් සේනාව අරගෙන ගිහින් සටන් කළා . ඒ නිසාම අත්අඩංගුවට අරගෙන හම්බන්තොට කච්චේරියේදී මේ විරුවන් 5 දෙනාගෙන් 04 දෙනෙක් එල්ලා මැරුවා . එක්කෙනෙක් අරගෙන ගියා , ගිහින් මැරුවා .
71 වන ජාතික නිදහස් දින අභිමානය මේ විරුවන් 05 දෙනාට නැහැ . ඒ නිසා මම යෝජනා කරනවා මේ විරුවන් 05 දෙනාත් ජාතික විරුවන් ලෙස මීළඟ ජාතික නිදහස් දින ප්‍රකාශයට පත් කරන ලෙස . මම සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කළා හම්බන්තොට සංස්කෘතික මධ්‍යස්ථානයේ මේ විරුවන් 05 දෙනාගේ පිළිරු හදන්න සංස්කෘතික ඇමතිතුමා ලෙස කටයුතු කරන්න කියලා” යනුවෙන් ඔහු වැඩිදුරටත් මෙහිදි සඳහන් කළේය.
කෂිනි හපුආරච්චි
