උෂ්ණත්වය පාලනය කළ හැකි ගබඩාවක් දඹුල්ලට
උෂ්ණත්වය පාලනය කළ හැකි ගබඩා පහසුකමක් රුපියල් මිලියන 475ක ආයෝජනයක් සහිතව දඹුල්ලේ ඉදිකිරීමට නියමිතය. මේ සඳහා අවශ්‍ය මුදලින් රුපියල් මිලියන 300ක් ප්‍රදානයක් ලෙස ඉන්දියාවෙන් ලබාදීමට නියමිතය.
මේ හරහා එළවළු හා පලතුරු වගා කිරීමේ යෙදි සිටින සුළු හා මධ්‍ය පරිමාණ ගොවීන්ට ඔවුන්ගේ නිෂ්පාදන දිගුකාලයක් නැමුත් තත්ත්වයෙන්ම ගබඩා කර තබා ගැනීමට අවධානය යොමුකර තිබේ.
මේ හරහා සෘතුමය වශයෙන් ඵලදාව ලැබෙන භෝග සඳහා අඛණ්ඩ වෙළඳ පොළ සැපයුමක් සහතික කළ හැකි බැවින්, එවැනි භෝගවල ඇති වන මිල උච්චාවචනයක් අවම කර ගැනීම තුළින් එම භෝග සඳහා ස්ථාවර මිලක් පවත්වා ගත හැකි බව රජයේ අපේක්ෂාවයි.
මේ පිළිබඳ යෝජනාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කර ඇති අතර එයට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

popular news
-
Champa Wednesday, 22 August 2018 05:43 PM
ඉන්දියාව කියන්නේ අන්තිම ලෝබ රටක්. මිලියන 100ක් නෙමෙයි ශත සීයක් දෙන්නේ නැහැ යටි අරමුණක් නැතුව. රනිල් කරන කිසි දෙයක් අවංක නැහැ. හැම දෙකම යට තියෙන්නේ වෙන මොකක් හරි. මේකේ contract එකත් ඉන්දියාවට වෙන්න ඇති. අපේ හැම දේමට ඉන්දියාව අත දානවා. හැම ව්‍යාපෘතියකම ඉන්දියාව ඉන්නවා. දැනටම ලංකාවේ 40%ක් විතර පාලනය තියෙන්නේ ඉන්දියන්කාරයන් අතේ. මේ යන ගමන අන්තිම භයානකයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

