පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ ගොස් තිබේ. ඒ අනුව දහවල් කාලය තුළ උපරිම උෂ්ණත්වය හම්බන්තොට දිස්ත්‍රික්කයේ සෙල්සියස් අංශක 4කින්, කොළඹ, කටුනායක, පුත්තලම හා රත්නපුර ප්‍රදේශවල සෙල්සියස් අංශක 03කින්, කටුගස්තොට, කුරුණෑගල හා රත්මලාන ප්‍ර දේශවල සෙල්සියස් අංශක 2කින්, ඉහළ ගොස් තිබේ.
මීට අමතරව රාත්‍රී කාලයේදී කුරුණෑගල, නුවරඑළිය හා වව්නියාව ප්‍රදේශවල සෙල්සියස් අංශක 5කින්, කටුගස්තොට, මහ ඉලුප්පල්ලම ප්‍රදේශවල සෙල්සියස් අංශක 4කින්, අනුරාධපුරය, බදුල්ල, ගාල්ල, හම්බන්තෙට, යාපනය, කටුනායක, මහන්නාරම, පුත්තලම හා රත්මලාන ප්‍ර දේශවල සෙල්සියස් අංශක 03කින් ඉහළ ගොස් තිබේ.
අද පස්වරු 1.00න් අවසන් වූ පැය 24ක කාලය සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවක මේ බව දැක්වෙයි.
එම කාලයේදි උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.3ක් ලෙස රත්නපුරින්ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 14.6ක් නුවර එළිය ප්‍රදේශයෙන්ද වාර්තා වී තිබේ.
මේ අතර මෙම කාලය තුළ උපරිම වර්ෂාපතනය මිලි මීටර් 87.9ක් ලෙස මඩකලපුව දිස්ත්‍රික්කයේ නවකිරිආරු වැව ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.