උපාධිධාරී අභ්‍යාසලාභිනියන්ට ප්‍රසූත නිවාඩුව සති 6යි
උපාධීධාරි අභ්‍යාසලාභී පත්වීම් ලබන නිලධාරීනියන්ගේ ප්‍රසූත නිවාඩු සම්බන්ධව ඔවුන්ගේ පත්වීම් ලිපියේ සඳහන් විවිධානවලට පරිබාහිරව නිවාඩු දීමේ හැකියාවක් නොමැති බව රාජ්‍ය පරිපාලන,ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී අද (07දා) පැවසීය.
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරන උපාධිධාරි පුහුණු වැඩසටහන යටතේ බඳවාගත් නිලධාරිනියන්ට ලබාදී ඇති පත්වීම් ලිපිය අනුව සති 06ක ප්‍රසූත නිවාඩුවක් පමණක් ලබාදෙන බවද ඇමතිවරයා සඳහන් කළේය.
ඔවුන්ගේ පත්වීමේ ලිපිය අනුව ලබාදෙන සති 06ක නිවාඩු කාලයෙන් ඔබ්බට ලබාගන්නා නිවාඩුවලට මාසික වැටුපින් අඩුකරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
එහෙත් ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ මත බඳවාගත් උපාධිධාරි අභ්‍යාසලාභි නිලධාරිනියන්ට ඔවුන්ගේ පත්වීම් ලිපියේ සදහන් ප්‍රසූත නිවාඩුවලින් පරිබාහිරව යම් යම් සහන ලබාදෙමින් අමාත්‍ය මණ්ඩලය තීරණ ගෙන තිබෙන බවත්, එහිදි රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන අනුව මාස 09ක පුහුණු කාලය සපුරා ඇති උපාධිධාරි අභ්‍යාසලාභිනියන්ට දින 84ක සම්පූර්ණ වැටුප් සහිත ප්‍රසූත නිවාඩු ලබාදීම සිදුවන බවත් හෙතෙම කීය.

popular news
-
අප්පුහාමි Thursday, 08 August 2019 09:06 AM
එක්දහස් නවසිය අසූව පමණ වනතුරුත් රාජ්යෙස්වයේ සියළු විවාහක නිළධාරිණියන්ට දරු උපතක් වෙනුවෙන් හිමිවුනේ දින 42 ක හෙවත් සති හයක නිවාඩුවක් පමණයි.එය වෙනස්කලේ 1977 දී පත්වූ එක්සත් ජාතික පක්ෂ රජයයි.මෙම නිවාඩුව අනියම් ආදේශක හා අවිවාහකව දරුවන් ලැබූ මව්වරුන්ට ලැබුනේ නැහැ.ඔවුන්ට ලැබුනේ වැටුප් රහිත නිවාඩු පමණයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

