උපාධිධාරීන්ට රැකියා ලබාදීමේදී ආණ්ඩුව දේශපාලනය සම්බන්ධකර ගැනීම නිසා ගැටලු ගණනාවක් නිර්මාණය වී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේය.
අදාළ ගැටලු විසඳන ලෙස ඉල්ලා ඊයේ (29දා) කොළඹට පැමිණි උපාධිධාරීන්ට ජල හා කදුළු ගෑස්වලින් හොඳ හැටි සැලකූ බවත්, කිසිදු තේරීමකින් තොරව සියලුම උපාධිධාරීන්ට රැකියා ලබාදිය යුතු බවත් හෙතෙම පවසා සිටියේය.
පසුගිය ආණ්ඩු කාලයේදී සුදුසුකම් වලට අනුව රැකියා ලබාදුන් බවත්, එහිදී දේශපාලනය ගාවා නොගත් බවද අද (30දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
