උපාධිධාරීන්ට රැකියා දීම - අයඳුම්පත් 28000ක් ප්‍රතික්ෂේපයි
රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ සුදුසුකම් ලැබූවන්ට පත්වීම් ලිපි බෙදාහැරීම අවසන් අදියරට පැමිණ තිබේ.
රැකියා අපේක්ෂිතයන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන ප්‍රථම උපාධි පාඨමාලාවක් හෝ ඊට සමාන සුදුසුකමක් ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන ඩිප්ලෝමා පාඨමාලාවක් හෝ 2019-12-31 දිනට පෙර සම්පූර්ණ කර තිබිය යුතු විය.
රැකියා ඇයැදුම්පත් 70,000කට අධික සංඛ්‍යාවක් එවා තිබිණ. ඉන් 56,000ක් නියමිත ආකෘතියට අනුව නිවැරදිව සම්පූර්ණ කර තිබිණ. ඒවා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂම ඇතුළු ආයතන කිහිපයක පරීක්ෂණයට යොමු කරන ලදී. උපාධිය හෝ ඩිප්ලෝමා සහතිකය හෝ සහිතව මූලික සුදුසුකම් සපුරා ඇතත් දැනුම් දුන් මූලික නිර්නායක සපුරා නොතිබූ ඉල්ලුම්පත් ප්‍රතික්ෂේප වීමෙන් පසු පත්වීම් සදහා සුදුසුකම් ලබා ඇත්තේ 42,000කි.
ඔවුන්ගේ පත්වීම් ලිපි සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ස්පීඩ් පෝස්ට් කූරියර් සේවාව මගින් ලැබීමට සළස්වා තිබේ. අද සවස්වන විට සුදුසුකම් ලැබූ සියලු අපේක්ෂකයන්ට පත්වීම් ලිපි තැපැල් කර අවසන් කිරීමට නියමිතය. සියලු පත්වීම් ලිපිවලට අදාළ බෙදාහැරීමේ කුවිතාන්සිය තැපැල් දෙපාර්තමේන්තුව මගින් ගෙන්වා ගැනීමට ද සැලසුම් කර ඇත.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා පත්වීම් බලධරයා වේ. පත්වීම ලැබී දින 03ක් ඇතුළත තමන්ට අයත් ප්‍රාදේශීය ලේකම්වරයාට වාර්තා කළ යුතුය. ලිපිය ලැබී දින 07ක් ඇතුළත පුහුණුව සඳහා වාර්තා නොකළොත් පත්විම අවලංගු වේ.
වසරක පුහුණු කාලය තුළ රුපියල් 20,000ක දීමනාවක් හිමි වෙයි. පුහුණු කාලයෙන් පසු විශ්‍රාම වැටුප් සහිතව රජයේ ස්ථීර සේවයේ පිහිටුවනු ලැබේ. දිස්ත්‍රික් පදනමින් පත්වීම් කෙරෙන අතර පළමු පත්වීම ලබන දිස්ත්‍රික්කයේ වසර 05ක් සේවය කිරීම අනිවාර්ය වේ.
popular news
-
Samson de Silva Tuesday, 03 March 2020 05:54 AM
1970දි මට සිදුවූ අත්දැකීමක් දන්වා සිටිනු කැමැත්තෙමි. මම පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් උපාධියක් ලබා ගත්තේ 1968දි. නමුත් 1970 වනතුරුත් රැකියාවක් ලැබුනේ නැත. ඔය අතරේ 1970දි පාර්ලිමේන්තු මැතිවරණයට පෙර හදිසියේ අයදුම්පත් කැඳවා, එවකට බලයේ සිටි එක්සත් ජාතික පක්ෂ රජයෙන්, මැතිවරණ සමයේදී මට ගුරු පත්වීමක් ලැබුණි. මට පමණක් නොව මා වැනි තවත් උපාධිදාරීන් දහස් ගණනකට මෙම පත්වීම් ලිපි ලැබුණි. මගේ දෙමව්පියන් සහ තවත් අය මෙය චන්ද ගුන්ඩුවක් ලෙස කීවත් මම එය පිලිනොගත්තෙමි. මගේ සියලු බලාපොරොත්තු සුන්වී චන්දයෙන් පසුව ලැබුණු පත්වීමක් නැත. බලය ලබාගැනීමට එවැනි කුපාඩි වැඩ කරන කාලකන්නි සිටින රටකින් සදහටම ඈත්වී දැනට අවුරුදු 40ක් පමණවේ. එම නිසා මෙවරත් එවැනි දෙයක් වීමට ඇති ප්රවනතාවය ඉතා අධික වෙය්. රැකියා විරහිත උපාධිධාරිනි, එම නිසා වැඩි බලාපොරොත්තු තබා නොගන්නා ලෙස අනතුරු අඟවමි. මම දැන් සිටින රටේ ඔවෙනි දෙයක් සිදුවුනානම් රජයට විරුද්ධව Class action law suit එකක් මගින් ලොකු වන්දියක් ලබාගන්න තිබුණි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
