උපනන්ද විදුහලේ වෙඩි තැබීම සිදුකළ සෙබලා අත්අඩංගුවට
අක්මීමන උපනන්ද විදුහලට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සාහ කළ පුද්ගලයෙකුට වෙඩි තැබීමෙන් පසුව ජීවිතක්ෂයට පත්වීම හේතුවෙන් එම වෙඩි තැබීම සිදුකළ යුද හමුදා සෙබලා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවැසීය.
අද මධ්යා්හන 12.45ට පමණ මෙම වෙඩි තැබීම සිදුවිය. වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායමේ හිටපු සාමාජිකයෙකි.
යුද හමුදා සෙබලාගේ ගිනි අවිය උඳුරාගැනීමට උත්සාහ කිරීමේදී මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.
popular news
-
Champa Thursday, 04 July 2019 05:00 PM
හමුදා සෙබළු වැස්සට තෙමි තෙමී කට්ට අව්වට වේලි වේලි තුවක්කුවකුත් උස්ස ගෙන පැය ගණන් හිටගෙන ඉස්කෝල ළඟ ආරක්ෂාවට ඉන්නේ තමන්ගේ දරුවෝ ආරක්ෂා කරන්න නෙමෙයි අපේ දරුවෝ ආරක්ෂා කරන්නයි කියන එක හැමෝම මතක තියා ගන්න ඕනේ. මියගිය පුද්ගලය ගැන කනගාටුයි. නමුත් මම නම් මේ සෙබලාට කිසි වැරැද්දක් කියන්නේ නැහැ. ඔහු කලේ ඔහුගේ රාජකාරිය. අනසරයෙන් පාසල් වලට ඇතුළුවීම තහනම් බව දෙමව්පියෝ දැන ගන්නේ ඕනේ.
Reply : 0 0
Champa Friday, 05 July 2019 10:25 AM
කතාවේ ඉතුරු ටික පස්සේ දැක්කේ. පව් අර දරුවෝ දෙන්න. පොඩ්ඩක් නැවතිලා කාරණාව කියල ඇතුලට ගියා නම් ප්‍රශ්නයක් නැහැනේ මුරට ඉන්න සෙබල එක්ක රණ්ඩුවට යන්නේ නැතුව. තුවක්කුවත් උදුරා ගන්න හැදුව කියල තිබුන. අපේ සමහර මිනිස්සු හරි උද්දච්චයි. අනිත් එක තමයි මිනිස්සු දැන ගන්න ඕනේ පොලිස් කාරයෙකුයි හමුදා සෙබලෙකුයි අතර වෙනස. පොලිස්කාරයන් පුහුණු කරන්නේ සාමකාමී වාතාවරණයක වැඩ කරන්න. හමුදා භටයන් පුහුණු කරන්නේ ගැටුම්කාරී හෝ යුදමය වාතාවරණයක වැඩ කරන්න. ප්‍රශ්නයක් ඇති වෙච්ච වෙලාවක මේ දෙපිරිස වැඩ කරන්නේ දෙවිදිහකට.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

