ලබන සතියේ සිට කැබිනට් රැස්වීම උදෑසන 8.30ට ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
කැබිනට් රැස්වීම උදෑසන 7.30ට ආරම්භ කළ යුතු බව පවසමින් පසුගිය කැබිනට් රැස්වීම් එම වේලාවට ආරම්භ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළේය.
එසේ වුවද අඛණ්ඩව උදෑසන පැවැත්වෙන කැබිනට් රැස්වීමට සහභාගි වන මන්ත්‍රීවරුන්ගේ පැමිණීමේ අඩුවක් පැවැති අතර, ඊයේ (13දා) පැවැති කැබිනට් රැස්වීමට උදෑසන 7.30 වනවිට අමාත්‍යවරුන් 05ක් පමණක් පැමිණ ඇතැයිද වාර්තා වේ.
එසේම මේ ආකාරයට කැබිනට් රැස්වීමක් පැවැත්විය නොහැකි බව පවසමින් කැබිනට් රැස්වීම පවත්වන වෙලාව උදෑසන 8.30 ලෙස වෙනස් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ දැනුම්දී ඇති බවද වාර්තා වේ.
ඒ අනුව ලබන සතියේ සිට කැබිනට් රැස්වීම අඟහරුවාදා උදෑසන 8.30ට ආරම්භ වේ.
