යුද සමයේදී වළදමන ලද බිම්බෝම්බ භූමියේ වර්ග කි.මී.1,302 සිට බිම්බෝම්බ ඉවත් කරමින් උතුරු නැගෙනහිර තවත් ඉතිරිව ඇත්තේ වර්ග කි.මී.18ක් පමණක් බවට ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශ ලේකම් වී. සිවඥානසෝති මහතා පැවසීය.
2020 වර්ෂය වනවිට ශ්‍රී ලංකාව බිම්බෝම්බ වලින් තොර රටක් බවට පත් කිරීමට වැඩි අවස්ථාවක් හිමිවන අතරම ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ නිෂ්කාශන වැඩසටහන ගෝලීය වශයෙන් සාර්ථකභාවයට පත්කර ගැනීම සදහා ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ කටයුතු කිරීමට අමාත්‍යාංශයට හැකි වී තිබේන බවද ඒ මහතා මාධ්‍ය නිවේදනයක් මගින් පැවසීය.
එමෙන්ම යුද සමයේදී බිම්බෝම්බ වලට වින්දිතයන් සඳහා සහනාධාර වැඩසටහනට මූලික සංරචක හයක් (06) ඇතුළත් කිරීමටද එම අමාත්‍යංශය මගින් පියවර ගෙන ඇති අතර එහිදී හදිසි ප්‍රතිකාර සඳහා ලංකාවේ භාවිතා වන ඇමතුම් ගිලන්රථ සේවාවෙන්ද සහන සැපයීමට පියවර ගෙන ඇති අතරම උතුරු නැගෙනහිර බිම්බෝම්බ වලින් තොර කලාපයන් වීමත් සමග මේ වන විට එම පළාත් ශිඝ්ර සංවර්ධනයක් කරා ගමන් කරමින් සිටින බවටද අමාත්‍යංශ ලේකම් වී.සිවඥානසෝතී මහතා වැඩිදුරටත් පැවසීය.
