උතුරේ ඡන්දය සාමකාමීව විසඳීම ගැන යුරෝපා මැතිවරණ නිරීක්ෂකයින්ගේ ප්රසාදය
මෙවර අවසන් වූ ජනාධිපතිවරණ වෙනුවෙන් උතුරේ ඡන්දය ප්රකාශ කිරිම ඉතා සාමකාමීව පැවතුන බවටත් එය සිංහල , දෙමළ හා මුස්ලිම් වැසියන් බහුලව සිටින පළාතක් වශයෙන් වැදගත් සිදුවීමක් බවට යුරෝපීය සංගමයේ මැතිවරණ නිරීක්ෂණ දූත කණ්ඩායම් විසින් පෙන්වා දෙයි.
ජනාධිපතිවරණය වෙනුවෙන් උතුරු පළාතේ සියලු දිස්ත්රික්කයන්හි සංචාරය කරමින් යුරෝපීය සංගම් මැතිවරණ නිරීක්ෂකයින් ජනතා අදහස්ද සමඟින් ජනාධිපතිවරණය වෙනුවෙන් ඡන්ද දැමීමේ කටයුතු නිරීක්ෂණ කටයුතු සිදු කරනු ලැබීය.
එමෙන්ම පසුගිය කාල වකවානුවේදී රටේ පැවති අයහපත් වාතාවරණයත් සමග එය උතුරු පළාතටද බලපෑමක් ඇති වූ හෙයින් මෙවර ජනාධිපතිවරණයේදී උතුරු පළාතේ ආරක්ෂාවද තර කොට තිබුණු අතර ජනාධිපතිවරණය අවසන් වන තුරුත් සැලකිය යුතු කිසිදු ප්රචණ්ඩක්රියාවක් හෝ වෙනත් සිදුවීමක් වාර්තා නොවීය.
උතුරු පළාතේ බහු ජනවාර්ගික පිරිසක් ජීවත්වන අවස්ථාවකදී කිසිදු ජාතියක් ගැටුම් ඇති නොකොට ඉතා සාමකාමීව මෙවර ජනාධිපතිවරණය පවත්වාගැනීම ඉතා සතුටුදායක මට්ටමක පවතින බවටද නීරීක්ෂණ කටයුතු වල නිරත වූ යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයින් වැඩිදුරටත් පෙන්වා දුන්හ.

popular news
-
bandara Monday, 18 November 2019 02:39 PM
එතකොට දකුණේ සාමකාමී වීම ගැන සතුටු නැද්ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

