උතුරේ ආයෝජකයන්ගේ පහසුකම් පුළුල් කරයි
උතුරු නැගෙනහිර පළාත්වල සංවර්ධනය සදහා ජනාධිපතිවරයා විසින් පත්කරන ලද විශේෂ ජනාධිපති කාර්ය සාධන බළකාය සිවු වන වරටත් අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් විය.
අද පැවති සාකච්ජාවේ දී උතුරු නැගෙනහිර පළාත්වල පානීය ජල සම්පාදන කටයුතු විධිමත් කිරීම සහ ඒ සදහා කි‍්‍රයාත්මක කළ යුතු කඩිනම් වැඩසටහන් පිළිබදවද විශේෂ අවධානයක් යොමු කෙරිණි. එම පළාත් තුළ මතුව ඇති සංවර්ධන ගැටලූ සහ ජනතා අවශ්‍යතා පිළිබද තොරතුරු පළාත් ආණ්ඩුකාරවරුන් විසින් මෙහිදී ඉදිරිපත් කළහ.
එම පළාත්වල ජනතාවගේ ජීවනෝපාය මාර්ග සංවර්ධනය වෙනුවෙන් ගෙන යන වැඩසටහන් පිළිබදව ද විශේෂ අවධානයක් යොමු වූ අතර, විදේශීය ආයෝජකයන්ට අවශ්‍ය පහසුකම් පුථල් කිරීම මෙන්ම කර්මාන්ත ක්ෂේත්රයේ පුනරුදය වෙනුවෙන් කි‍්‍රයාත්මක වැඩසටහන් පිළිබදව ද සාකච්ජාවට ලක් විය.
මඩූ පූජා භුමියේ ප්‍රතිසංස්කරණ කටයුතුවල ප්‍රගතිය මෙන්ම අලිමංකඩ ලූණු ලේවායේ සංවර්ධන කටයුතු ඇතුලු තවත් විශේෂ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක ප්‍රගතිය පිළිබදව ද මෙහිදී විමසා බැලිණි. කඩිනමින් කි‍්‍රයාත්මක වන මෙම සංවර්ධන ව්‍යාපෘති මගින් එම පළාත් දෙකෙහි ජනතාවගේ ජන ජීවිතය වඩා වේගවත් පරිවර්තනයකට ලක්වනු ඇතැයිද අපේක්ෂා කෙරේ.
විපක්ෂනායක ආර්. සම්බන්ධන්, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, නැගෙනහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් යන මැති ඇමතිවරුන් මෙන්ම, උතුරු, නැගෙනහිර ආණ්ඩුකාරවරුන් ද, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න ඇතුලු අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරීන් මෙන්ම ආරක්ෂක අංශ ප්‍රධානීන්ද මෙම සාකච්ජාවට එක්ව සිටියහ.

popular news
-
chathuri Thursday, 08 November 2018 11:03 PM
ඔබගේ. පක්ෂයේ. කට්ටිය. මුදල් වලට. පත්වීම් වලට බලයට. කෑදර වුනාට. උතුරේ. ඉන්න. ජනතාව ඔය. ගැට. වලට අහුවෙන්නේ. නැහැ , එක පළාතක් නෙමේ. මුළු රටම. බලන්න. ඕන. පිටිසර. ගම්වල. ඉන්න ජනතාව අපදුක් විදින්නේ. ඒවා. නොදකින. ගානට. ඉන්නේ දැන්. මහින්දව. අගමැති. කරන්න. උතුරේ නායකයින්. ඉල්ලපුවා දෙනවා. දෙන්න. බයයි. ජනතාවට. බයට. තියෙන. සෙල්ලම්. සේරම දාලා බැලුව ඒ. නායකයින්. බුද්දිමත්. , දන්නවා. රනිල්ට. කරපු දේ තමයි. දවසක. අපිට. කරන්නෙත්. කියලා. සුද්දාගෙන්. රට බේරගන නැවත. යාම. පාලනයට. ජනතාව බිලි. දුන්නා තමන්ගේ. පුටුව බේර ගන්න. බලය. අරන් කිව්වේ. නැවත මේ ජනතාවට. මරවරයින්ට් මේ රටේ. ජනතාව බාර දෙන්නේ. නැහැ කියලා. සමනලී. අන්තිමට මාරයව හොර. රහසේ. ගේනවා. ජනතාවට කිව්වේ නැහැ. අකමැති නිසා. හොරෙන්. වෙස්. මුහුණු. බැදලා. දැන් ලැජ්ජාවක්. නැතිව. එළියේ නටනවා. 14. වෙනිදට. කලින්. 13. හොයනවලු. අද. මහින්දට. මේදේ කෙරුවනම් 14වෙනිදත. අඩි හයක්. යට. බව. අමතකද . දෙමල. ජනතාව මැරුවත්. පාවලා දෙන්නේ නැහැ තමන්ගේ ජාතිය ජාතිය. සිංහල ආගම. බුද්දාගම. වැඩ. බලු වැඩ තවත් ජාතින් ඉන්නවා. ලංකාවේ. ඒ මිනිස්සු. තමන්ගේ ජාතියට ආදරෙයි. අපේ. ජාතිය මරල. ඉබින. ජාතියක්. රට හිනැස්සුව
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

