උතුරුමැද පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් රුපියල් අනූහය ලක්ෂයක් වියදම් කරමින් ගොවීන්ට බෙදා දීමේ අරමුණින් මිලදී ගැනීමට ගිය තණ කොළ කපන මැෂින් මිලදී ගැනීමේ අක්‍රමිකතාවයක් පැවතීම හේතුවෙන් එම මිලඳී ගැනීම වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා දැමීමට උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා පියවර ගෙන ඇත.
පසුගියදා (07) පැවති උතුරු මැද පළාත් කෘෂිකර්ම කමිටු රැස්වීමේදී ආණ්ඩුකාරවරයා එසේ ප්‍රකාශ කළේය.
මේ සඳහා රේඛීය අමාත්‍යාංශය විසින් මුදල් ප්‍රථිපාදන වෙන් කර තිබුණි. උතුරුමැද පළාත් සභාවේ ධුර කාලය අවසන් වී තිබීම හේතුවෙන් මේ වන විට උතුරු මැද පළාත් සභාවේ සෑම මිලදී ගැනීමක් සඳහාම ආණ්ඩුකාරවරයාගේ අනුමැතිය අවශ්‍ය වී ඇත.
ඒ අනුව මෙම මිලදී ගැනීම සඳහා වව්චර් පත් ආණ්ඩුකාරවරයා වෙත පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇත. එහිදී වව්චර් පත් වල සටහන් මිල ගනම් පිළිබඳ ගැඹුරින් සොයා බැලූ ආණ්ඩුකාරවරයා අනුරාධපුර නගරයේ වෙළඳසැලක් වෙත ගොස් මිලදී ගැනීමට ගිය තණ කොළ කපන මැෂින් වර්ගයේ මිල ගනම් පිළිබඳ සොයා බැලීමක් සිදු කර ඇත.
ඒ අනුව රුපියල් 10,500ක තණ කොළ කපන මැෂිමක් රුපියල් 22,500 කට මිලදී ගැනීමට පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය සූදානම් වූ බවට කරුණු අනාවරණය වූ උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා අදාල බලධාරින් කැදවා මෙම මිලඳි ගැනීම වහාම නවතා දැමීමට තීරණය කර ඇත.