උතුරු පළාතේ ලංගම බස් වැඩවර්ජනයක්
ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද (04දා) උදෑසන සිට උතුරු පළාතේ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සියලු බස් රථ රියදුරන් ධාවනයෙන් ඉවත්ව වැඩවර්ජනයක නිරතව සිටිති. ලං.ග.ම ඩිපෝව සුරක්ෂිත කිරීමේ ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනය විසින් මෙම වැඩ වර්ජනය ක්‍රියාතමක කොට තිබුණි.
වැටුප් වැඩි කිරීම, දෛනික සේවයේ නිරත වූවන් සේවයේ ස්ථීර කිරීම, පොලිස් දඩ මුදල් අඩු කිරීම, සේවක කප්පාදුව නතර කිරීම, ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් උතුරු පළාතේ සියලු ලංගම බස් රථ ධාවනයෙන් ඉවත්වීමට පියවර ගෙන තිබේ.
ලංගම බස් රථ ධාවනය නැවතීම හේතුවෙන් උතුරු පළාතේ බොහෝ ප්‍රදේශයන්හි සාමාන්‍ය මගී ජනතාවට සිය ගමනා ගමන කටයුතු ඇනහිට ඔවුන්ගේ දෛනික ජීවිතයට බලපෑම් එල්ල විය.
එසේම දිවයිනේ ප්‍රදේශ කිහිපයකම ලංගම ඩිපෝ මේ වන විට වර්ජන ආරම්භ කර තිබේ.
popular news
-
Champa Tuesday, 04 September 2018 03:56 PM
හා හා හෙට කොළොඹට මිනිස්සු එනවට වෙන්නැති. හනේ මෝඩ ආණ්ඩුව. ගිහින් මුහුදට පන්නනම් ඔයිට වැඩ හොඳයිනේ.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
