උතුරු ආණ්ඩුකාර වරයාගෙන් ආවා කල්ලියට විවෘත ආරාධනයක්
ආවා කල්ලියට කිසියම් ගැටලුවක් ඇත්නම් හෝ විසඳුමක් අවශ්‍ය වන්නේ නම් ඕනෑම අවස්ථාවක ආරක්ෂකයින් නොමැතිව ඕනෑම ස්ථානයකට පැමිණ සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව පවසමින් උතුරු ආණ්ඩුකාර ආචාර්ය සුරෙස් රාඝවන් මහතා අද (14) ආවා කල්ලියට විවෘත ආරාධනාවක් සිදු කළේය.
පසුගිය 12 වනදා යාපනය කොකුවිල් උපදුම්රිය ස්ථානාධිපති වරයාට පහරදීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විසින් අදාළ පහරදීම ආවා කල්ලියේ ක්‍රියාවක් බවට සැක පල කිරීම හේතුවෙන් උතුරු පළාත් ආණ්ඩුකාර වරයා විසින් ආවා කල්ලියට සාකච්ඡාවක් වෙනුවෙන් මෙම විවෘත ආරාධනාව සිදු කොට ඇත.
උතුරු පළාතේ සිදු කෙරෙන අවි ආයුධ ගෙන ප්රචණ්ඩ ක්‍රියාවන් හා සමාජ විරෝධි ක්‍රියාවන් හේතුවෙන් ජනතාව අතර බියක් ඇතිව තිබෙන අවස්ථාවක ආවා කල්ලියට කිසියම් ගැටලුවක් හෝ විසඳුමක් අවශ්‍ය වන්නේ නම් එය ප්‍රජාතන්ත්‍රවාදීව සාකච්ඡා කිරීමට තමන් ඕනෑම අවස්ථාවක සූදානම් බවට අද උදෑසන උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී ආණ්ඩුකාර ආචාර්ය සුරේස් රාඝවන් මහතා විසින් මාධ්‍ය නිවේදනයක් මගින් දැනුම් දී ඇත.
උතුරේ ජනතාව අතර ව්‍යාකූල තත්ත්වයක් හෝ බියක් ඇතිවන්නේ නම් තමන් ඒ වෙනුවෙන් පෙනී සිටින බවටත් එවැනි තත්ත්වයක් ඇති කිරීමට හේතුව මෙන්ම ආවා කල්ලියේ අරමුණ ජනතාවට දැනගත යුතු බවටත් ආවා කල්ලියට මෙය හොඳ අවස්ථාවක් බවටද ඒ සඳහා කිසිදු සැකයකින් තොරව තමන් හමුවීමට හෝ එම කල්ලිය හමුවීමට තමන් සූදානමින් සිටින බවටද උතුරු ආණ්ඩුකාර වරයා වැඩිදුරටත් දැනුම් දී ඇත.

popular news
-
සෙනෙවි Friday, 14 June 2019 07:11 PM
ඔය ඉතිං උන්ටම කියල බෙල්ල කපා ගන්න හදන්නෙ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

