උත්තර පත්‍ර ඇගයීමට පාසල් වැසෙයි
2014 අ.පො.ස. උසස් පෙළ විභාගයේ පිළිතුරු පත් ඇගයීමේ පළමු අදියර අගෝස්තු 30 වැනිදා සිට සැප්තැම්බර් 12 වැනිදා දක්වා පැවැත්වෙන බවත්, ඒ වෙනුවෙන් පාසල් කිහිපයක් වසා තැබෙන බව විභාග කොමසාරිස් ජනරාල් සඳහන් කරයි.
එම කාලය තුළ සම්පූර්ණයෙන් වසනු ලබන පාසල් ගණන 10 ක් වන අතර, පංති කාමර කිහිපයක් පමණක් වසා තැබෙන පාසල් ගණන 11 කි. උත්තර පත්‍ර ඇගයීම් සඳහා සම්පූර්ණයෙන් වසා තැබෙනන පාසල් 15 ක් සැප්තැම්බර් 15 වැනිදා නැවත ආරම්භ කිරීමට නියමිතය. වසා තැබෙන පාසල් පහත දැක්වේ.
සම්පූර්ණයෙන් වසා තැබෙන පාසල්
කො/ රාජකීය විද්යාලගය - කොළඹ 07 (අංක 01), කො/ විශාඛා විද්‍යාලය - කොළඹ 05 (අංක 01), කළු/ තිස්ස මධ්‍ය මහා විද්‍යාලය - කළුතර, ර/ෆර්ගසන් උසස් විද්‍යාලය - රත්නපුරය, කු/මලියදේව බාලිකා විද්‍යාලය - කුරුණෑගල (අංක 01), කුලි/ශාන්ත ජෝශප් මහා විද්‍යාලය - කුලියාපිටිය, කෑ/කෑගලු බාලිකා විද්‍යාලය - කෑගල්ල, මහ/කිංස්වුඩ් විද්‍යාලය - මහනුවර (අංක 01), ගා/විද්‍යාලෝක විද්‍යාලය - ගාල්ල (අංක 01), බ/විහාර මහා දේවි බාලිකා මහා විද්‍යාලය - බදුල්ල
කොටසක් වසා තැබෙන පාසල්
කො/හින්දු විද්‍යාලය - කොළඹ 04, මීග/ශාන්ත පීතර මධ්‍ය මහා විද්‍යාලය - මීගමුව, ගම්/බණ්ඩාරනායක මහා විද්‍යාලය - ගම්පහ (අංක 01), මහ/පුෂ්පදාන බාලිකා විද්‍යාලය - මහනුවර (අංක 01), අනු/අනුරාධපුර ම.ම. විද්‍යාලය - අනුරාධපුර, මා/සුජාතා බාලිකා විද්‍යාලය - මාතර (අංක 01), බ/ශාන්ත ජෝශප් මහා විද්‍යාලය - බණ්ඩාරවෙල, කල්/මහමුද් බාලිකා විද්‍යාලය - කල්මුණේ, මඩ/වින්සන්ට් උසස් බාලිකා මහා විද්‍යාලය - මඩකලපුව, වවු/ වවුනියා දෙමළ මධ්‍ය මහා විද්‍යාලය - වවුනියාව, යා/ හින්දු විද්‍යාලය - යාපනය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

