ඊශ්‍රායලයේ කෘෂි ක්ෂේත්රයේ රැකියා සඳහා වසර පහකට වීසා
ඊශ්‍රායලයේ කෘෂි ක්ෂේත්රයේ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රී ලාංකිකයින්ට වසර පහක වීසා බලපත්‍ර කාලයක් ලබාදීමට ඊශ්‍රායලය එකඟත්වය පළ කර ඇත.
විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා නියෝජ්‍ය ඇමැති මනුෂ නානායක්කාර මහතා ඇතුළු දූත කණ්ඩායම ඊශ්‍රායලයේ විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රධානීන් සහ ෆීබා ආයතනයේ ප්‍රධානීන් සමග පැවැති නිළ සාකච්ඡා පැවැත්වූ අතර එහිදී මෙම එකගතාවයන් ඇතිකරගෙන තිබේ.
කෘෂි කාර්මික ක්ෂේත්රයේ තාවකාලික රැකියා සඳහා පිටත් කර යැවූ ශ්‍රී ලාංකිකයින් පන්සිය දෙනාගේ කණ්ඩායමෙන් සැලකිය යුතු පිරිසක් නියමිත වීසා කාලය ඉක්මවීමෙන් පසුව නැවත ලංකාවට පිටත්ව ගොස් නැති බව ඊශ්‍රායල බලධාරීන් පෙන්වා දෙන ලදී.
එම නිසා එම ප්‍රමාණය නව රැකියා කෝටාවෙන් අඩුවන බවද ඊශ්‍රායල බලධාරීන් පෙන්වා දුන්නේය. නියමිත වීසා කාලය අවසන්වීමෙන් පසුව පෙරලා ලංකාවට පැමිණෙන ශ්‍රමිකයින් සඳහා නැවත කෘෂි ක්ෂේත්රයේම රැකියා අවස්ථා ලබාදෙන බව ඊශ්‍රායල බලධාරීන් ප්‍රකාශ කළේය.
මේ අතර සාත්තු සේවක වෘත්තිය සදහා ශ්‍රී ලාංකිකයින් පන්සියකට අවස්ථාව ලබාදීම සඳහා වන ගිවිසුම් කඩිනමින් අත්සන් කිරීමටත් ගිවිසුමේ කොන්දේසි පිළිබඳවත් දෙරටේ එගත්වය මෙහිදී ඇතිවිය.

popular news
-
Rita Rsnasinghe Sunday, 14 October 2018 08:03 PM
හොඳයි අලුත් දෙයක් දැන ගන්න පුලුවන් වෙන නිසා සතුටුයි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

