ඉසෙඩ් ඩී ඇළට වැටුණු වනඅලියා දැඩි මෙහෙයුමකින් ගොඩගනියි
මාදුරුඔය ඉසෙඩ් .ඩ් ප්රධාන ඇළට වෙහෙරගල ප්රදේශයෙන් අද (28) වෙනිදා අලූයම වැටි සිටි වනඅලියෙකු වෙහෙරගල වනජිවි නිලධාරින් පිරිසක් විසින් ක්රියාත්මක කල පැය හතරක මෙහෙයුමකින් අනතුරුව ගොඩගෙන අලූත්ඔය රක්ෂිතයට පළවා හැරිමට කටයුතු කලහ.
වෙහෙරගල අඩවි සහකාර ආර්.ආර්. ශාන්ත මහතා ඇතුලූ වෙහෙරගල වනජිවි කාර්යාලයේ නිලධාරින් විසින් ක්රියාත්මක කල මෙම මෙහෙයුමට ප්රදේශවාසින්ගෙද සහාය හිමිවිය.
ඉසෙඩ්.ඩි ප්රධාන ඇළට වෙහෙරගල ප්රදේශයෙන් වැටි ඇති මෙම අලියා කිලෝමිටර් හතරක් පමණ ජලයේ සැඩපහරට ගසාගෙන ගොස් ඇති බවත් ටයර් සහ කඹ , යකඩ දම්වැල් ආධාරයෙන් එම අලියා අලූත්ඔය ප්රදේශයෙන් ගොඩගත් බව වෙහෙරගල අඩවි සහකාර ආර්.ආර්. ශාන්ත මහතා අප කළ විමසිමකදි සඳහන් කළේය.
අලියාගේ වයස අවුරුදු 35ක් පමණ වන බවත් අද අලූයම ඉසඩ්.ඩී ඇළට වැටි සිටි මෙම අලියා දුටු ප්රදේශවාසින් අරලගංවිල පොලීසියට දැනුම් දි ඇති අතර අනතුරුව තමන් ඇතුලූ වනජිවි නිලධාරින් එම අලියා ගොඩගෙන අලූත්ඔය රක්ෂිතයට මුදා හැරිමට කටයුතු කල බවද ශාන්ත මහතා කියා සිටියේය.



popular news
-
Champa Thursday, 28 November 2019 06:00 PM
අලියව බේර ගත්ත එක ගැන හරිම සතුටුයි. ඒ ගැන වන ජීවී නිලධාරීන්ටත් ප්රදේශයේ ජනතාවටත් ස්තුති කරනවා. එහම නොවුන නම් තවත් එක කණගාටුදායක අලි මරණයක් ගැන අහන්න වෙනවා. අපේ මිනිස්සු සත්තුන්ට දක්වන ආදරය දයාව කරුණාව ගැන මට හරිම සතුටුයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

