අධ්‍යාපන අමාත්‍යාංශයේ පහසුකම් පුළුල් කිරීම සඳහා සිදු කෙරෙන කාර්යයන් අතර ප්‍රධාන අංගයක් වන නවීන පහසුකම්වලින් සමන්විතව නිර්මාණය කරන ලද අංග සම්පූර්ණ ශ්‍රවණාගාරය බත්තරමුල්ල පැලවත්තේ පිහිටි “ඉසුරුපාය” ගොඩනැගිල්ලේ දී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතින් අද (12) විවෘත කෙරුණි.
ඉසුරුපායේ හත්වැනි මහලෙහි පිහිටි මෙම ශ්‍රවණාගාරය ආසන 300කින් සමන්විතයි.
මෙහි අභ්‍යන්තර පහසුකම් සම්පාදනය සඳහා පමණක් රුපියල් මිලියන 30කට වැඩි මුදලක් වැයකර තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩමුළු, සාකච්ඡා හා නිලධාරී රැස්වීම් යනාදිය සඳහා නවීන පහසුකම්වලින් සමන්විත ශ්‍රවණාගාරයක් සඳහා වසර ගණනාවක් පුරා පැවති අඩුපාඩුව මේ සමඟ අවසන් වු බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
අධ්‍යාපනයට අදාළ සාකච්ඡා සම්මන්ත්රණ ආදි ශ්‍රාස්ත්‍රීය කටයුතු සඳහා මෙම ශ්‍රවණාගාරය අමතර සේවාවක් වශයෙන් වෙනත් අමාත්‍යාංශය හා ආයතන සඳහා ලබා දීමේ ක්‍රමවේදයක් ඉදිරියේ දී සකස්කරන්නැයි අධ්‍යාපන අමාත්‍යවරයා මෙම විවෘත කිරීමේ අවස්ථාවේ දී නිලධාරීන්ට උපදෙස් ලබා දුණි.
