ලෝකයේ ඉස්ලාම් රටවල් 17 ක තානාපතිවරු කථානායක කරු ජයසූරිය මහතා සමග විශේෂ හමුවක් පෙරේදා (11දා) දින පාර්ලිමේන්තුව වෙත පැමිණ සිටියහ.
ත්‍රස්තවාදය කෙටිකලක් තුළ මුළුමනින්ම පාහේ අකර්මන්‍ය කර ආරක්ෂාව තහවුරු කළ ආකාරයටම ශ්‍රී ලංකාව සියළුම අන්තවාදයන් පිටුදැක නොබෝ දිනකින්ම යළි සමඟි සම්පන්න ශක්තිමත් දේශයක් ලෙස නැගී සිටිනු ඇති බව කථානායකවරයා මෙහිදී සඳහන් කර තිබේ.
පාර්ලිමේන්තුව අදාළ ආංශික කාරකසභා සහ අමාත්‍යාංශ සම්බන්ධීකරණය කරමින් ත්‍රස්තවාදය හා ඊට අවශ්‍ය පෝෂණය ලබා දෙන අන්තවාදය පිටුදැකීමට පැහැදිලි නීති සම්පාදනය කරමින් සිටින බවත්, එක රටත් තුළ එක් නීතියක් යටතේ එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස ජීවත්වීමට ඉන් පදනම සැලසෙනු ඇතැයි තමා විශ්වාස කරන බවත් කථානායකවරයා පැවැසීය.
විශේෂයෙන්ම ආගමට මුවා වී සිදුකරන අන්තවාදී ක්‍රියාවලියත්, ළමා විවාහ, බහුවිවාහ මෙන්ම අන්‍යතාවය වසන් කරන විලාසිතා සහ අන්තවාදය පෝෂණය කරන ආධ්‍යාපන ආයතන සම්බන්දව පියවර ගැනීමේ දී ඉස්ලාම් නායකයන් මෙන්ම සාමකාමි බහුතර ඉස්ලාම් ජනතාවගෙන් ලැබුණ සහය හා මඟ පෙන්වීම කෘත වේදීව සිහිපත් කරන බවද කථානායකවරයා මෙහිදී පැවසීය.
ශ්‍රී ලංකාව තුල කවර ජාති ආගම් ජීවත් උවද සියල්ලන්ටම බලපාන පොදු නීතියක් ක්රීයාත්මක කිරීමේ අවශ්‍යතාවය තමන්ද අවිවාදයෙන් පිළිගන්නා බව මෙහිදී ඉස්ලාම් රටවල තානාපතිවරු පැවසූහ.
එමෙන්ම, මද්රසා පාසල් සහ ආගමික අධ්‍යාපන ආයතන රජයේ අධීක්ෂණය යටතට පත්වීමද වැදගත් අවශ්‍යතාවයක් බව එම තානාපතිවරු සඳහන් කළහ. වෛරී කථනය හා සමාජ මාධ්‍ය මඟින් පතුරවන වෛරී අදහස් පාලනයට පියවර ගැනීමේ වැදගත්කමද මෙහිදී ඔවුහු පෙන්වා දුන්හ.
මෙම හමුව සදහා , ඇෆ්ගනිස්ථානය, බංලාදේශය, ඊජිප්තුව, ඉන්දුනිසියාව, ඉරානය, ඉරාකය, ලිබියාව, කුවේට්, මැලේසියාව, ඕමානය, පකිස්තානය, පලස්තීනය, කටාර්, සෞදිආරාබිය, තුර්කිය යන රටවල් නියෝජනය කරමින් තානාපතිහු එක්ව සිටියහ.
