ඉවරයි කී උද්ඝෝෂණ ඉවර නැත
තම දිනක වැටුප රුපියල් දහසක් දක්වා වැඩිකොට ලබා දෙන මෙන් ඉල්ලමින් තලවකැලේ, වටගොඩ, මඩකුඹුර වත්තේ වතු කම්කරුවන් අද (12) උද්ඝෝෂණයක නිරත වුහ.
පොස්ටර් ප්රදර්ශනය කරමින් හා වතුකරයේ දේශපාලනඥයන්ගේ රුවට ගැළැපෙන සේ සකස් කරන ලද බඹයන්ට ගිණි තබමින් එම වත්තේ වතු කම්කරුවන් විශාල පිරිසක් තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිටට එක්රැස්ව මෙසේ උද්ඝෝෂණයේ යෙදිණි.
වතුකරයේ දේශපාලනඥයන් තමන් දිගින් දිගටම රවට්ටමින් සිටින බවත්, ඔවුන් තමන් ඉත්තන්ට ගෙන ඔවුන්ගේ දේශපාලන අරමුණු ඉටුකර ගනිමින් සිටින බවත් උද්ඝෝෂණයේ යෙදී සිටි වතු කම්කරුවෝ මෙහිදී පැවැසුහ.
ශාන් හුලංනුගේ



popular news
-
Champa Wednesday, 12 December 2018 05:23 PM
හොඳයි වැඩේ. මෙහෙ දවසකට රුපියල් 1000ක් ඉල්ලනවා. "ද හින්දු" පුවත්පත ලිපියක් පල කරලා තිබුන මොනරාගල බෝග වගාවෙන් ජීවත් වෙන සිංහල කාන්තාවක් තමන්ගේ දුක කියනවා. ඒ කාන්තාවට සැමියාගෙන් ලැබුණු රුපියල් 250ක විශ්රාම වැටුප, නැවත කියනවා විශ්රාම වැටුප රුපියල් 250යි, මේක ඉන්දියන් රුපියල් 100ක් කියලත් දාල තිබුන. මේ කාන්තාව කියනවා ආණ්ඩුවේ අර්බුදය හින්ද ඒ රුපියල් 250 විශ්රාම වැටුප නොවැම්බර මාසේ ඉඳන් නැවතුනාලු. බල ලෝභය වෙනුවෙන් කුලල් කා ගන්න දේශපාලකයන්ට වදින්නේ ගහන පොල් නෙමෙයි, මේ වගේ දුක්ඛිත ජීවිත ගත කරන දුප්පත් මිනිස්සුන්ගේ දුක් අදෝනාවන්. මේක අහලා හරිම කණගාටුවක් දැනුන. දෙමල මුස්ලිම් ජනතාව වෙනුවෙන් කතා කරන්න ඕනේ තරම් දේශපාලකයෝ ඉන්න. වැරැද්දක් කියන්නත් බැහැ එක අතකට. හැබැයි අපේ ගම්බද සිංහල ජනතාව ගෙවන දුක්ඛිත ජීවිත ගැන කතා කරන්න එක මිනිහෙක් නැහැ. රටේ ආණ්ඩුවක් නැතිකම පාර්ලිමේන්තුවක් නැතිකම බලපාන්නේ අසරණ මිනිස්සුන්ට කියලා හිතන්න බැරි ඒ ගැන වගේ වගක් නැති ආත්මාර්ථකාමී දේශපාලකයන්ව ආපහුත් පත් කරනවද කියලා මේ රටේ ජනතාව සිත බැලිය යුතුයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
