ඉරාජ්ගේ ෆේස්බුක් පිටුව ඉවත් කිරීම පසුපස රජය නෑ - ITSSL
ජනප්රිය ගායක ඉරාජ් වීරරත්නගේ නිල ෆේස්බුක් පිටුව රජය විසින් ඉවත්කිරීමක් සිදුවී නොමැති බවත් ඔහුගේ පිටුව පිළිබදව ෆේස්බුක් පරිශීලකයන් හෝ වෙනත් යම් කණ්ඩායමක් විසින් දිගින් දිගටම ෆේස්බුක් වෙත සිදුකරන ලද වාර්තා කිරීම් වල ප්රතිඵලයක් ලෙස ෆේස්බුක් ආයතනයෙන් එම පිටුව ඔවුන්ගේ මාර්ගෝපදේශනයන් පිළිනොපදින පිටුවක් යැයි සලකා එම පිටුව Unpublish කර ඇතැයි ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඔහුගේ පිටුව තම මාර්ගෝපදේශන පිළි නොපදිනවා යැයි කෘතීම බුද්ධිය අනුව තීරණය කොට Unpublish වීමේ අවධානමක් ඇතැයි පෙර සිටම අනතුරු අඟවා ඇති බවත් එම අනතරු ඇගවීම් වලින් පසුව ඔහුගේ නිල ෆේස්බුක් පිටුව Unpublish වී ඇති බවත් එම සංගමය පවසයි.
ෆේස්බුක් පිටු Unpublish වීමේ ක්රියාවලිය ස්වයංක්රීයව සිදුවන ක්රියාවලියක් වන අතර මෙම ස්වයංක්රීය ක්රියාවලියට කිසිදු ෆේස්බුක් නියෝජිතයෙක් හෝ කිසිදු ශ්රී ලංකික දේශපාලන පක්ෂයක් මැදිහත් වී නොමැති බවත් එම සංගමය පවසයි.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

