ඉරණමඩු වාන් ජලය යන ඇළවේලි තුළ මහා වැලිජාවාරමක්
කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ වාන් ජලය ගලාබසින ඇලවේල්ලක් වූ කරදියනාරු කෝරමොට්ටෙයි ප්රදේශයේ වාන් ඇළ වැලි ඡාවාරම් කරුවන් විසින් දැඩි ලෙස හානි සිදු කිරිම හේතුවෙන් වාන් ජලය ගම්මාන වෙතට පැමිණෙන බවට ප්රදේශවාසිහු පවසති.
පසුගියදා කිලිනොච්චිය වාරිමාර්ග නිලධාරීන් විසින් අදාළ කෝරමෝට්ටෙයි ප්රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේදී වැලි ජාවාරම් කරුවන් විසින් වැලි ගොඩදැමූ ස්ථානයන්හි දමා ගොස් තිබූ උපකරණ රැසක් සිය භාරයට ගෙන කිලිනොච්චිය පොලීසියට භාර දීමට පියවර ගෙන ඇත.
එහිදි වාන් ඇළට දැඩි ලෙස හානි සිදුව ඇති බවටත් වැලි ගොඩදැමිම හේතුවෙන් වාන් ඇලහි තිබූ ගස් ආදිය සියල්ලක්ම ඛාදනයට ලක් වි ඇලෙහි ඉවුරු විනාශ වි ජලය වෙනත් දිශාවන්ට යොමු වි ඇති අයුරුද වාරිමාර්ග නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක් විය.
අදාළ වාන් ඇළ හානියට ලක් විම හේතුවෙන් පසුගියදා ඉරණමඩු ජලාශයේ වාන් ජලය මෙම ස්ථානයෙන් ජලය ගම්මාන වෙතට ගලා එමෙන් දැඩි ගංවතුර තත්ත්වයක්ද හට ගත් බැවින් වහාම වැලි ඡාවාරම්කරුවන් කෙරෙහි නීතිය ක්රියාත්මක කොට අදාළ ඇළ වේලි ප්රතිසංස්කරණය කිරිමට පියවර ගන්නා ලෙසටද ප්රදේශවාසීන් විසින් වාරිමාර්ග නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
