ඉරණමඩු ජලාශය වාන් දැමීමට ආසන්නයි - වාන් විවෘත කිරිම ජනපති ඉදිරිපිට
උතුරේ විශාලතම ජලාශය වන කිළිනොච්චිය ඉරණමඩු ජලාශය රුපියල් මිලියන 200 ක මුදලින් ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසුව පළමු වතාවට වාන් දැමීමට ආසන්නව පවතී. ඒ හෙයින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සෘජු අධීක්ෂණයන් යටතේ ඉරණමඩු ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට පියවර ගෙන ඇති බවට උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා කියා සිටියේය.
මේ පිළිබඳව සොයා බැලීමට උතුරු පළාත් ආණ්ඩුකාරවරයා අද දින ඉරණමඩු ජලාශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
මොරගහකන්ද ජලාශය ක්‍රියාවට නැංවීමෙන් පසුව දෙවන පියවර වශයෙන් කිළිනොච්චිය ඉරණමඩු ජලාශය ප්‍රතිසංස්කරණය කිරීමට ජනාධිපතිතුමන් විසින් පියවර ගැනීමෙන් පසුව මේ වනවිට ඉරණමඩු ජලාශය වාන් දැමීමට ඇත්තේ එක් අඩියක් පමණක් බවටද උතුරු ආණ්ඩුකාරවරයා කියා සිටියේය.
ගොවි පවුල් 10,000කට යලකන්නයේ සහ මහකන්නයේ ගොවිතැන් කිරීමට ඉරණමඩු ජලාශයෙන් අවස්ථාව උදාවන අතරම ඉදිරියේදී කිළිනොච්චියේ වැසියන්ට ජලාශයේ අතිරික්ත ජලය යාපනයේ වැසියන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් රැගෙන යාමටද අරමුණු ජනාධිපතිතුමන්ට ඇති බවටද ඒ සඳහා සහය දුන් ඉංජිනේරුවරුන්ට හා කම්කරුවන් ඇතුළු ආරක්ෂක අංශ වලට උතුරු ආණ්ඩුකාරතුමන් විසින් විශේෂ ස්තූතිය පුද කරනු ලැබීය.



popular news
-
gamage Thursday, 06 December 2018 05:13 AM
විහිලු ලියන්න එපා... මෙයාගේ හරි වෙන දේශපලුවෙකුගේ හරි සෘජු අධීක්ෂණයක් මොකටද මෙතනට... මේවා නිර්මාණය කරලා සංස්කරණය කරපු මොලෙයක් ඇති ඉංජිනේරු මහත්ම මහත්මියන්ටත් මේවට නය දීපු රටවල් වලටත් අපේ උපරිම ප්‍රණාමය ....
Reply : 0 61
Champa Thursday, 06 December 2018 09:23 AM
ජනාධිපති මන්දිරේ හිර කරගෙන ඉන්න රටේ පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයත් අන්න වාන් දමනවා.
Reply : 0 1
Nandana Thursday, 06 December 2018 05:00 PM
මහජන මුදලින් ඉදිකල දේවල් නිකන් හාල්පාරුවන්ට විවුර්ථ කරන්ඩ දෙන්නේ මොකටද ?,
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
