ඉන්ධන නිධි සෙවීමේ මෙහෙයුම ඇරඹේ
ශ්‍රී ලංකාවේ උතුරු - නැගෙනහිර ගැඹුරු මුහුදේ ස්වභාවික වායු සහ ඉන්ධන නිධි හඳුනා ගැනීමේ මෙහෙයුම අද (02දා) ආරම්භ විය.
ඒ කොළඹ වරායට සේන්දු වූ අති නවීන BGP Pioneer නෞකාව එකී දත්ත ගවේෂණ සඳහා උතුරු නැගෙනහිර ගැඹුරු මුහුදට යාත්‍රා කිරීමෙනි.
දින හතලිස් පහක් සිය දත්ත සෙවීමේ මෙහෙයුම උතුරු නැගෙනහිර ගැඹුරු මුහුදේ ක්‍රියාත්මක කරන එම නෞකාව ආවරණය කෙරෙන සම්පූර්ණ ප්‍රදේශය වර්ග කිලෝමීටර් දසදහසක් වේ.
මෙහෙයුම ආරම්භ කිරීමේ නිල උත්සවය අද උදෑසන කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේදී පැවැත්වුණේ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙනි.
“අපේ රට වාසනාවන්ත රටක්. මේ වාසනාවන්ත රටේ තෙල් සම්පත සහ ස්වාභාවික වායුව ඇති බවට දැනට මූලිකව හඳුනා ගෙන තිබෙනවා. දැන් අපිට අවශ්‍ය වන්නේ එම සම්පත නිශ්චිතව තිබෙන ස්ථාන සහ එහි නිවැරදි තොරතුරු ඒකරාශී කිරීම.
ඉන්ධන නිධි සහ ඛනිජ සම්පත හඳුනා ගැනීමේ ව්‍යාපෘති කඩිනම් සහ වේගවත් කිරීමට පසුගිය වසරේ මැයි මාසයෙන් පසුව අපි තීරණය කළා. ඉතාම කෙටි කාලකයින් ඊට අවශ්‍ය ගිවිසුම් පිළිගත් ජාත්‍යන්තර සමාගම් සමඟ විනිවිදබව රැකෙන අයුරින් අත්සන් කිරීමට අපට හැකි වුණා.
2040 වසරට පසුව හෝ ඉන්පෙර ශ්‍රී ලංකාවෙන් ඉන්ධන සම්පත සොයා ගැනීමට හැකි වනු ඇති බව අමාත්‍යාංශය සඳහන් කරයි.

popular news
-
Champa Sunday, 02 September 2018 06:16 PM
දෙයියනේ රටේ තියෙන සම්පත් ඔක්කොම මදිවට අනාගත තෙල් සම්පතත් විදේශිකයන් අතට දෙන්නයි යන්නේ. මේ ගවේෂණය හදිසියෙන් කරන්න කිසිම උවමන්වක් නැහැ. මේ වගේ දෙයක් කරන්න ඕනේ තව අවුරුදු 50කින් විතර. අර පැත්තෙන් Norwegian යාත්‍රාවක් මුහුදු සම්පත ගැන විස්තර හොයනවා. තාම ඉන්නවද ගිහින්ද. ජූනි මාසේ ආවේ එක මාසෙකට කියලා. දැන් අගෝස්තුත් ඉවරයි. මම ඒක ගැන මුකුත් දැක්කෙත් නැහැ පත්තර වල. ඔක්කොම sensitive information ටික විදේශිකයන් අතට යනව. අත්සන් කරන ගිවිසුම් වල නියම ගිවිසුම රටේ මිනිස්සු දන්නේ නැහැ. වාසනාවන්ත රට වාසනාවන්ත නායකයාගෙන් උදුරාගෙන අවාසනාවන්ත අත් අතට පත් වුනා. කතරගම දෙයියනේ මේ වැඩේ නම් හරි යන්න ඉඩ දෙන්න එපා. අනිත් ඒවත් හරි යන්න ඉඩ දෙන්න එපා.
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
