මේ වන විට ශ්‍රී ලංකාව අවට මුහුදේ ඇති නෞකා පිළිබඳව මෙන්ම ඒ ඒ නෞකාතුළ ඇති ඉන්ධන ප්‍රමාණයන් පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැහැදිලි කිරිමක් කළේය.
මුලින්ම පෝලිම් ඉවර කිරීම වෙනුවට පෝලිම් කෙටි කිරිම සිදුකළ යුතුව ඇති බවත් ඉන්ධන සංචිතයක් ඇති කළ යුතු බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදි පැවැසීය.
“18 වැනිදා හවය හයට ආවා LIOC එකේ ස්වර්ණ පුෂ්ප නෞකාව. ගැසොලින් 98 තියෙනවා මෙට්‍රික් ටොන් 28000යි. ගැසොලින් 95 මෙට්‍රික් ටොන් 9000යි. දැනට ඩොල්ෆින් තටාකයේ තියෙනවා.
20 වැනිදා ඉන්දීය මුදල් වලින් ස්වර්ණමාලා නෞකාව එනවා එතනින් ඩීසල් මෙට්‍රික් ටොන් 30000ක්, සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 7000කුත් එනවා.
තව නැවක් තියෙනවා මාර්තු 28 ආපු තොම්ස් ඇඩ්වෙන්චර් දැනට මුදල් නැති නිසා අපි කොහොමහරි තියාගෙන ඉන්නවා. අපි කිව්වා මුදල් ලබාගෙන ගෙවනවා කියලා.
දැන් ඇවිත් තියෙනවා ඉන්දියන් ණය යෝජනාව ක්‍රමය යටතේ ජී.ටී. ෆ්‍රීඩම් දැන් තමයි අපි ඒක වරායට ගේන්න බලාපොරොත්තු වන්නේ. ඒකේ ගැසොලින් තියෙනවා මෙට්‍රික් ටොන් 37000ක්.
විටෝල්වලින් එවලා තියෙනවා. දැනට ගැසොලීන් 92 මෙට්‍රික් ටොන් 26000යි, ගැසොලින් 95 මෙට්‍රින් ටොන් 8000යි. මේ වා තමයි දැනට මුදල් ඕන ගෙවන්න.
29/30 දා එනවා නැවේ නම තාම නෑ ඉන්දියන් ක්‍රෙඩිඩ් ලයින් එකෙන් ඩිසල් මෙට්‍රික් ටොන් 38000ක්.
තව එකක් ඇවිල්ලා තියෙනවා මැයි පළමු වැනිදා ඒකේ තියෙනවා සයිබීරියන් කෘෘඩ් ඔයිල් මෙට්‍රික් ටොන් 90000ක්. තාම මුදල් නෑ. මුදල් ලබාගන්න ඕන. මෙතනින් එන තෙල් අපි බලාගාරවලට යෙදෙව්වොත් එතකොට ඩීසල් යොදවන්න පුළුවන් අනිත් වැඩ සඳහා.
ඊයේ රෑ එකක් අවා අද තව එකක් එනවා. එතකොට පෙට්‍රල් එක්ක නැව් දෙකක් ඇවිත් තියෙනවා. ඒත් පෝලම් ඉවර කරන්නේ නෑ. පොල්ම් කෙටි කරන්න බලන්නේ.
මොකද අපි ආපහු ඉන්ධන සංචිතයක් ඇති කරන්න ඕන. නැත්නම් එක නැවක් කල් ගිහොත් ආපසු මේ ප්රශ්නය එනවා. ජූනි මැද වෙනකම් තියෙනවා. දැන් තෙල් සංස්ථාව ජූනි මාසයට ඇණවුම් කරගෙන යනවා.”