පාස්කු ඉරිදා ප්රහාරය සම්බන්ධයෙන් ශ්රි ලංකාව සිදුකරන විමර්ශනවලට සහාය දැක්වීම සඳහා ඉනදීය ජාතික විමර්ශන ඒජන්සියේ දෙදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් කොළඹට පැමිණ ඇතැයි ඉන්දීය මාධය වාර්තා කරයි.
ඉන්දීය පොලිස්පතිවරයෙක් හා තවත් පුද්ගලයෙක් මෙම කණ්ඩායමට ඇතළත් වෙයි. මෙම කණ්ඩායම ශ්රී ලංකාවට පැමිණ ඇත්තේ ඔවුන් සම්බන්ධයෙන් පවතින තොරතුරු ශ්රී ලංකා විමර්ශන සඳහා බෙදා ගැනීමටත් ශ්රී ලංකාවේ විමර්ශනවදී හෙළිව ඇති තොරතුරු ඉන්දියාවට වැදගත්නම් ඒවා ලබාගැනීමත්ය.
කේරළයේ ඉස්ලාම් රාජ්ය ත්රස්ත සංවිධානයට එක්වීම සඳහා 21 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඇෆ්ගනිස්ථානය වෙත පිටත්ව ගොස් තිබේ. ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ ඉන්දීයාව අණාවරණය කරගෙන ඇත්තේ එම කණ්ඩායමට නායකත්වය දුන් අශ්ෆාක් මජීඩ් ඇෆ්ගනිස්ථානයට පිටත්වීමට පෙර යාපනයට පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ.
මේ අතර 15 දෙනෙනකුගෙන් යුත් අයි.එස්.අයි.එස්. කණ්ඩායමක් ශ්රී ලංකාවේ සිට බෝට්ටුවක් හරහා කේරළයේ ලක්ෂද්වීප් වෙත ගමන් කර ඇතිබවටත් ඉන්දීය බුද්ධි අංශ තොතුරු අණාවරණය කරගෙන තිබේ.
