ඉන්දීය හමුදා නිලධාරීන් 80ක් හා බිරින්දෑවරුන් 80ක් දිවයිනට
ඉන්දීය ත්රිවිධ හමුදාවට අයත් විවිධ නිලධාරීන් 80 ක් සහ ඔවුන්ගේ බිරින්දෑවරුන් 80 දෙනෙකු ශ්රී ලංකාවේ විශේෂ වන්දනා හුවමාරු වැඩසටහනක් සඳහා ඊයේ (15දා) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.
ඔවුන් ඉන්දීය ගුවන් හමුදාවට අයත් සී - 17 වර්ගයේ විශාලතම ගුවන් යානයකින් උදෑසන 9.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි අතර, ඔවුන් පිළිගැනීම සඳහා ශ්රී ලංකා යුධ හමුදාපතිවරයා ඇතුළු ශ්රී ලංකා ත්රිවිධ හමුදා වල උසස් නිලධාරීන් විශාල පිරිසක් ද ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.
ඉන් අනතුරුව ශ්රී ලංකා ත්රිවිධ හමුදා වලට අයත් විවිධ නිලධාරීන්ය 80 ක් හා ඔවුන්ගේ බිරින්දෑවරුන් 80 දෙනෙකු ද , දඹදිව වන්දනා චාරිකාවක් සඳහා එම ගුවන් යානයෙන්ම දහවල් 12.30 ඉන්දියාව බලා පිටත් විය.
මෙම හුවමාරු වැඩසටහන දෙරට අතර ක්රියාත්මක වන එකකි. ඉන්දීය හමුදා ක්ෂේත්රයට සම්බන්ධ 160 දෙනෙකු ශ්රී ලංකාව වෙත පැමිණි අතර, ඔවුන් මහනුවර, අනුරාධපුරය, පොළොන්නරුව ආදී ප්රදේශ වල පිහිටි සිද්ධස්ථාන නැරඹීමට නියමිතය.
එමෙන්ම ශ්රී ලංකා ත්රිවිධ හමුදා නිලධාරීන් සහ ඔවුන්ගේ බිරින්දෑවරුන් 160 දෙනා දඹදිව විවිධ ඓතිහාසික පුරාණ සිද්ධස්ථාන දින තුනක් තිස්සේ නැරඹීමට නියමිතය.

popular news
-
Champa Monday, 17 June 2019 09:45 AM
පොඩ්ඩක් weird වැඩක් නේද? යෝජනාව ඉන්දියාවෙන් නම් මේක ඇතුලේ වෙන යමක් ඇති.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

