ඉන්දීය අගමැති ආ වේලාවේ පරිවාර වැඩේ කළේ අගමැතියි - ලක්ෂ්මන්
ඉන්දිය අගමැති ආපු වෙලාවේ රජයෙන් පරිවාර ඇමැතිවරයෙක් පත් කළ බවත් ඒ පරිවාර වැඩේ කළේ අගමැතිවරයා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.
අද (11) පැවති ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ රැස්වීමට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා,
“එජාපයේ තියෙන අර්බුදයත් ඒකෙන් පැහැදිලියි. පරිවාර ඇමැතිවරයාගේ කටයුතු ටික කරන්න බැරි වුණා. රාජ්‍ය නායකයෙක් ආපුවම ඒ නායකයා එක්ක යන්නයි පරිවාර ඇමැතිවරයෙක් පත් කරන්නේ. ඒ නායකයාගේ සියලු දේ බලා ගන්නේ පත් කරන පරිවාර ඇමැතිවරයායි. අන්තිමට පත් කරපු පරිවාර ඇමැතිවරයාට කරන්න සිදුවුණේ ජනාධිපති කාර්යාලයට එන එක විතරයි.
මේකෙන් ආණ්ඩුව තුළ විතරක් නෙවෙයි එජාපය තුළ නායකත්ව අර්බුදයක් තිබෙන බවයි. ආණ්ඩුවේ පාර්ශ්ව අතර අර්බුදයක් තියාගෙන රට ගෙනියන්න බැහැ. ජනතාවට අස්ථාවර නැති ආණ්ඩුවක් පිහිටුවන්න අවස්ථාව තියෙන්න ඕනේ. ජනතාව ඉන්නේ දැඩි කලකිරිමකයි. ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරන්න කැපවිමෙන් කටයුතු කරන්න සිදුවෙනවා. අපි ඒ සඳහා ශක්තිමක්ව මුහුණ දෙන්න සුදානම්. මෙවර ගුරු සංගමයේ ඡන්දයෙන් පේනවා රටේ ජනතාව එජාපය වගේම ජවිපේත් මේ වෙද්දි ප්‍රතික්ෂේප කරලා තිබෙන බව
තේරීම් කාරක සභාව පවත්වන එක නැවැත්වුවේ නැත්නම් ජනාධිපතිතුමා කැබිනට් එක පවත්වන්නේ නැහැ කියනවා. රටේ ජනාධිපතිවරයා අගමැතිවරයා එකඟත්වයක නැහැ. කතානායකවරයා කියනවා පාර්ලිමේන්තුවේ කාරක සභාව හමුවට කැඳවන නිලධාරීන් පාර්ලිමේන්තුවට ආවේ නැත්නම් ඒ නිලධාරීන්ට ඒ සම්බන්ධයෙන් පිළිතුරු දෙන්න වෙයි කියලා. ජනාධිපතිතුමා කියනවා තේරිම් කාරක සභාව නවත්වන්න. මගේ නිලධාරීන්ව යවන්නේ නැහැ කියලා” යැයි ඔහු පැවසීය .

popular news
-
Dayan Tuesday, 11 June 2019 03:40 PM
කුඩේ ඇල්ලුවේ ජනාධිපති.
Reply : 0 0
Ajith Fonseka Tuesday, 11 June 2019 03:56 PM
මොකක්ද මේ වෙලා තින්නේ උදේ ඉදන් රැ වෙනකන් UNP එකේ රටට අවශ්‍ය නැති වැරදි හොයනවා. පල ඇති දෙයක් කතා කරන්න
Reply : 0 0
Priyantha Tuesday, 11 June 2019 07:07 PM
සිරිකොතේ අසූචි කප්පරක් ගිලලා දැන් මෙයා මරු කියවනවා.ජනාධිපති වරණය වෙනකොට ආය සිරිකොතේ ඉදීද දන්නෙ නෑ.විලිලැජ්ජාවක් නැති ගෙම්බො.
Reply : 0 8
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

