පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් පනවා තිබූ සංචාරක මාර්ගෝපදේශ ලිහිල් කිරීමට රටවල් කිහිපයක්ම කටයුතු කර තිබේ.
ඒ අනුව ඉන්දියාව, ජර්මනිය යන රටවල් මෙසේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පනවා තිබූ සංචාරක මාර්ගෝපදේශ මෙසේ ලිහිල් කර තිබේ.
මීට පෙර චීනය හා ස්විට්සර්ලන්තයද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන සංචාරක මාර්ගෝපදේශ ලිහිල් කළේය.
ශ්‍රී ලංකාවේ ආරක්ෂාව ක්‍රමයෙන් සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් යන බවත් කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී පරිස්සම්වන ලෙස ඉන්දියාව සඳහන් කරයි.
ජර්මනිය සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී වඩාත් අවධානය යොමුකරන ලෙසයි.
