මාස ගණනකට පසු ඉන්දියාවෙන් ලංකාවට ලොකු ලූනු ගෙන්වීමට අද (27දා) අවසර ලැබෙන බවත්, මේ නිසා ලොකු ලූනු කිලෝවක මිල රුපියල් හතළිහකින් පමණ අඩුවන බවත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවෝ සඳහන් කරති.
ඉන්දියාවෙන් ලොකු ලූනු විකිණීම නවතා දැමීම හේතුවෙන් නෙදර්ලන්තයෙන් ලොකු ලූනු ගෙන්වීමට සිදුවූ බවත්, මේ නිසා ලොකු ලූනු කිලෝවක මිල රුපියල් එකසිය අනූව ඉක්මවා ගිය බවද එම පිරිස් පෙන්වා දෙති.
දින දෙකක් හෝ දින තුනක් තුළ ඉන්දියාවේ සිට ලොකු ලූනු ගෙන්වීමට හැකියාව තිබෙන බවත්, මේ නිසා ලොකු ලූනු මිල ඉදිරි දින කිහිපය වනවිට අඩුවන බවද ආනයනකරුවෝ සඳහන් කරති.
