ජනප්රිය නළුවෙකු මෙන්ම ගායකයෙකු ලෙස ප්රසිද්ධියට පත්ව සිටි ඉන්දික ගිනිගේ මහතා අභාවප්රාප්ත වී තිබේ. හදිසි රෝගි තත්ත්වයක් හේතුවෙන් මියයන විට ඒ මහතා 37 වැනි වියේ පසුවිය.
අසනීප තත්ත්වයක් හේතුවෙන් මහනුවර රෝහලට ඇතුළත් කරන විට ඔහු මියගොස් ඇති අතර අවසන් කටයුතු හෙට මහයියාව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
