ඉන්දීය සාගරයේ අනාගත මුතු ඇටය වරාය නගරයයි
ඉන්දියානු සාගරයේ අනාගත මුතු ඇටය සාගර නගරය බව ඇමති චම්පික රණවක මහතා පවසයි. චීන මධ්‍යම රූපවාහිනිය සමග සාගර නගර භූමියේ පැවති සාකච්ඡාවකදී හෙතෙම මේ බව පවසා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, ලංකාව පමණක් නොව නැගෙනහිර අප්‍රිකාව, මධ්‍යම ආසියාව, බටහිර ආසියාව යන සියල්ලන්ටම සාගර නගරය තුළින් නව ආලෝකයක් ලැබීමට නියමිත බවයි.
ඉදිරියේදී සාගර නගරය අධිවේගී මාර්ග පද්ධතියට සම්බන්ධ කිරීමට කටයුතු කරන බවත්, මේ වන විට ඉදිකෙරෙමින් පවතින සැහැල්ලු දුම්රිය පද්ධතියටද සම්බන්ධ කරනු ලබන බවද සඳහන් කළේය. එසේම දැනට පවතින දුම්රිය පද්ධතියට ද සාගර නගරය සම්බන්ධ කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.
සාගර නගරයට අවශ්‍ය විදුලිය හා ජල පහසුකම් ද සපයනු ලබන්නේ ශ්‍රී ලංකාව විසින් බවත් ඒ වෙනුවෙන් ලක් රජය ඩොලර් බිලියනයකට අධික මුදලක් ආයෝජනයක් සිදුකරනු ලබන බව පැවසීය.


popular news
-
Champa Thursday, 30 August 2018 06:53 PM
මෙච්චර කල් ඉන්දියන් සාගරයේ මුතු ඇටය කිව්වේ ලංකාවට. දැන් ඒක චීනෙට දීල. ඒ මොකොද කිව්වා නම් ඉන්දියන් සාගරයේ මුතු ඇටය වරාය නගරය කිව්වහම මුළු ලෝකෙටම මතක් වෙන්නේ වරාය නගරය අයිති චීනේ මිසක් ලංකාව නෙමෙයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

