ඉන්දියාව පැරදූ ශ්රී ලංකාවට කැරම් ලෝක කුසලානය
ඉන්දීය කණ්ඩායමට පරාජය කරමින් කැරම් ලෝක කුසලාන තරගාවලියේ පිරිමි ශූරතාව හිමි කර ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් විය. ඊයේ දකුණු කොරියාවේ පැවැති අවසන් තරගයේදී ඉන්දිය කණ්ඩායම වට 2 ට 1ක් ලෙස පරාජයට පත් කිරීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්විය.
චමිල් කුරේ නායකත්වය ලබා දුන් ශ්රී ලංකා කණ්ඩායමට නිෂාන්ත ප්රනාන්දු, මොහොමඩ් ශෂීඩ් සහ උදේෂ් ශෂික ශ්රී ලංකා කණ්ඩායම නියෝජනය කළහ.
එහි කාන්තා කණ්ඩායම් අංශයේ අනුශූරතාව දිනා ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් විය.
යෂිකා රාහුබැද්ද මෙහෙය වූ ශ්රී ලංකා කාන්තා කණ්ඩායම අවසන් තරගයේදී ඉන්දියාව හමුවේ පරාජය වුණේ වට 3 ට 0 ක් ලෙසයි. ජොසප් රොෂිටා, චලනි ලියනගේ සහ මධූෂා රාමනායක ශ්රී ලංකා කාන්තා කණ්ඩායම නියෝජනය කළහ.

popular news
-
chandana Monday, 27 August 2018 09:44 AM
පරාක්රම බස්නායක මහතාණෙනි ඔබගේ මග පෙන්වීම රටටම ආඩම්බරක් ගෙනදීමට Samath වූ බැවි මහේ හැංගීම ජයවේව අපේ ක්රීඩකයන්ට
Reply : 0 0
ravi Monday, 27 August 2018 03:23 PM
අපගෙනුත් .. උණුසුම් සුබපැතුම් .. !
Reply : 0 0
Champa Monday, 27 August 2018 06:18 PM
Wow! I extend my Warmest Congratulations and Best Wishes. හරිම ආඩම්බරයි. මේක ලොකු ජයග්රහණයක්. කැරම් පිරිමි ලෝක ශූරතාවය සහ කාන්තා අනුශූරතාවය දිනා ගැනීම මොනතරම් ලොකු ජයග්රහණයක්ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

