ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩනැගීමේ කටයුතු මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ආරම්භ කර තිබේ.
එහි එක් පියවරක් වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ලංකා සමසමාජ පක්ෂයේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් අද (06) බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මුලස්ථානයේදි පැවැත්විණි.
“අපි ගොඩනගන අනාගත රජයක් මගින් අධිරාජ්‍යවාදී බලපැම්වලින් ශ්‍රී ලංකාව බේරා ගෙන ජනතා හිතවාදී පාලනයක් මගින් රට සංවර්ධනය කිරීම සදහා යෝජිත අපේ වැඩපිළීවෙල” මැයෙන් ලංකා සමසමාජ පක්ෂය විසින් සකස් කර ඇති පක්ෂයේ වැඩපිළිවෙල බැසිල් රාජපක්ෂ මහතාට භාරදීමද මෙහිදි සිදුවිය.
ඉදිරියේ බලයට පත්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්රමුඛ රජයක් මගින් ක්‍රියාත්මක කිරීමේ අරමුණින් සකස් කෙරෙන ප්‍රතිපත්ති මාලාවට මෙම යෝජනාවලියේ සඳහන් කරුණුද ඇතුළත් කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන බව එහිදි බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.
එකි ජාතික ප්‍රතිපත්ති මාලාව සකස් කිරීමට පත්කර ඇති කමිටු සඳහා ලංකා සමසමාජ පක්ෂයේ නියෝජිතවරයෙක් සහභාගි කරවීමටද එහිදී එකඟතාවයට පැමිණියේය.
එහිදි අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා,
අද ලංකා සමසමාජ පක්ෂයට විශේෂ දවසක්. ආචාර්ය එන්.එම් පෙරේරා මහතාගේ උපන් දිනය යෙදී තිබෙන්නේ අදයි. එවැනි දිනක අපේ පක්ෂ කාර්යාලයට පැමිණ අනාගත ශ්‍රී ලංකාවේ සුභසිද්ධිය වෙනුවෙන් දියත් කෙරෙන අපේ වැඩපිළීවෙලට සහාය දැක්වීම අගය කරනවා. ලංකා සමසමාජ පක්ෂය 2005 සිටම මහින්ද රාජපක්ෂ මහතාගේ ජනතා හිතවාදි වැඩපිළිවෙලට සහාය දෙමින් ඒ රජයේ ප්‍රබල පාර්ශවයක් විදියට කටයුතු කළා.
රටේ සියලු ජාතීන් එකතු කරමින් ශ්‍රී ලාංකික ජාතියක් හදන්න කැපවුණු පක්ෂයක් විදියට ලංකා සමසමාජය පක්ෂය සලකන්න පුළුවන්. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී අපි එකමුතුවෙන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වෙලා ජයක් ලැබුවත් සමහර ප්‍රදේශවල ජාතිවාදී වශයෙන් බෙදිම් තිබීම නිසා අපේ ඡන්ද ප්‍රතිශතයේ අඩුවීමක් සිද්ධ වුණා.
මහින්ද රාජපක්ෂ මහතාගේ අනුදැනුම ඇතිව පසුගිය මහින්ද චින්තනය වැනි ජනමුල ප්‍රතිපත්තියක් සැකසීම මේ දිනවල අපි ආරම්භ කර තිබෙනවා. ගමින්ගමට ගිහින් තොරතුරු ගන්නවා වගේම වැඩකරන ජනතාවගේ සහ ව්‍යාපාරිකයින් ආදි සෑම ක්ෂේත්රයකම ප්‍රජාවගෙන් ඒ සඳහා අදහස් ගනිමින් පවතිනවා. අපේ මේ වැඩපිළිවෙලට ලංකා සමසමාජ පක්ෂයේ සහාය හිමිවීම ගැන සතුටුයි යනුවෙන් ඔහු පැවසීය.
