ඉදිරි දින 7ක කාලයේ බොහෝ ප්‍ර‘දේශවලට වැස්ස නෑ
ඉදිරි දින හත පුරාම බොහෝ ප්‍ර‘දේශවලට වැසි රහිත කාලගුණ තත්ත්වයක් ඇති විය හැකි බවත්, සුළං ප්‍රවාහය අඩු වීම හේතුවෙන් දහවල් කාලයේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය ඉහළයා හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
රත්නපුර, කළුතර, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට අද (30දා) දිනයේදී සවස 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත්, බස්නාහිර, මධ්‍යම, සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට උදෑසන කාලයේදී මීදුම් තත්ත්වයක් ඇති විය හැකි බවත් කාර්ය නියුක්ත කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය පැවසුවාය.
දිවයින වටා මුහුදු ප්‍ර‘දේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බවත්, මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා මුහුදු ප්‍ර‘දේශවලට හා ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍ර‘දේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් පනහ දක්වා ඉහළ යා හැකි බවත් ඒ මහත්මිය පවසා සිටියාය.
ගාල්ල ප්‍ර‘දේශයෙන් මිලිලීටර් තුනයි දශම නවයක උපරිම වර්ෂාපතනයක් ඊයේ (29දා) උදෑසන 8.30න් අවසන් වූ පැය 24 තුළදී වාර්තා වී තිබෙන අතර, උපරිම උෂ්ණත්වය වූ සෙල්සියස් අංශක තිස්තුනයි දශම දෙකක ප්‍රමාණය රත්නපුර දිස්ත්‍රික්කයෙන් හා අවම උෂ්ණත්වය වූ සෙල්සියස් අංශක හතයි දශම හයක ප්‍රමාණය නුවරඑළියෙන් වාර්තා වී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

