ඉදිරි දිනවලදී ලාංකිකයින් 825ක් දිවයිනට
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශයන්හි රැදී සිටින ශ්‍රී ලාංකිකයන් , එම රටවල සිට යළි මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ , ඉදිරි දිනවල තවත් ශ්‍රී ලාංකිකයන් 825ක පමණ ප්‍රමාණයක් , මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් සිටින බව විදේශ සබදතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් ආචාර්ය , අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පැවසීය .
ඒ අනුව හෙට (11) දින පිලිපීනයේ මැනිලා නුවර සිට ද , (13) දින මාලදිවයින මාලේ නුවර සිට ද , (15) දින පකිස්තානයේ ලාහෝර් නුවර සිට ද විශේෂ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා 03 ක් මගින් මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙන ඒමට නියමිතය .
ඊට අමතරව ඉන්දියාව වෙත යෑමට නොහැකිව මෙරට තුළ තවදුරටත් රැදී සිටින ඉන්දීය ජාතිකයන් පිරිසක් (15) දින බැංගලෝර් නුවර වෙතත් , (22) දින නවදිල්ලි නුවර වෙතත් , ඉන්දීය ගුවන් සේවයේ විශේෂ ගුවන් යානා 02 ක් මගින් රැගෙන යෑමට නියමිත බව ඉන්දීය ගුවන් සේවයේ ප්‍රකාශකවරයෙකු පැවසීය .
මේ අතර අද (10) දින දහවල් 12.45 ට එංගලන්තයේ ලන්ඩන් නුවර හීත්රෝ ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානයෙන් එරට සිට ගුවන් මගීන් 09 දෙනෙකු පැමිණ තිබේ .
මෙම ගුවන් යානයෙන් පැමිණි ගුවන් මගීන් පිරිස සහ එම ගුවන් යානා කාර්යය මණ්ඩලය කටුනායක ගුවන් තොටුපළ තුළදීම පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කෙරුණි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

