ඉදිරි ජනපති අපේක්ෂකත්වය සඳහා පොහොට්ටුවෙන් නම් පහක් - රාජපක්ෂ නමකුත් ඒ අතර
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරි ජනාධිපතිවරණයේදී තරඟ වදින අපේක්ෂකයා තේරීමේ වගකීම විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා වෙත එම පෙරමුණේ පක්ෂ නායකත්වය විසින් පූර්ණ එකඟතාවක් මත බලය පවරා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.රංජිත් සොයිසා මහතා පවසයි.
අද (21) දහවල් ඇඹිලිපිටියේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
එහිදි වැඩිදුරටත් කරුණු දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා,
“ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වයට නම් පහක් යෝජනා වී තිබෙනවා. මේ නම් පහෙන් සුදුසු නම තෝරා ගැනීමේ බලය පොදුජන පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයන්ගේ ඒකමතික තීන්දුවෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට බලය දුන්නා. දැන් ඒ නම් පහ මහින්ද රාජපක්ෂ මහතා අතේ තියනවා. සුදුසු නම තෝරලා අගොස්තු 11දා එතුමා ප්‍රසිද්ධ කරයි. රාජපක්ෂ නමකුත් ඒ අතර තියෙන්න පුළුවන් යැයි ද රංජිත් සොයිසා මන්ත්‍රීවරයා පැවසුවේය.
එක්සත් ජතික පක්ෂයට අද ජනාධිපති අපේක්ෂකයෙකු තෝරාගත නොහැකිව අගමැතිවරයා පඹගාලක පැටලී තිරුපති ගොස් දෙවියන්ගෙන් අසන්න සූදානම් වන බවට තොරතුරු ඇති බවද මන්ත්‍රීවරයා පැවසුවේය.
අපි රනිල් අගමැතිතුමාට කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂකයා තෝරන්න මහජන මුදල් හෝ වෙන මුදල් වැයකර තිරුපති යන්න එපා කියලයි. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහත්තයා හමුවෙලා ඒ ක්‍රමය අහගන්න කියලා ආරධනා කරනවා’’ යැයිද රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.රංජිත් සොයිසා මහතා පැවසුවේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

