ඉදිරියේදී ජාතික හැඳුනුම්පත් අංකය උපතේදීම
උපතේදීම ජාතික හැඳුනුම්පත් අංකය ලබාදීමේ වැඩසටහනක් ඉදිරියේදී රට තුළ ක්‍රියාත්මක කරන බවත් එය රටේ ආරක්ෂාවට විශාල වශයෙන් හේතු සාධක වන බවත් අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.
දඹුල්ල මහ නගර සභාව යටතේ දිගම්පතන රක්ෂිතයේ ඉදිකළ කසළ ප්‍රතිචක්‍රීකරණ අංගනය විවෘත කිරීමට ඊයේ (01දා) පස්වරුවේ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එසේම ශ්‍රී ලංකාව නිසියාකාර හැදුනුම්පතක් හදා ගැනීමට නොහැකි රටක් බවට පත්ව ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
පසුගියදා බෝම්බ පිපුරූ සිද්ධියේ මියගිය අයට එකම අංකයට නම් දෙකකට හැඳුනුම්පත් නිකුත් කර තිබුණු බවත් ඔහු කීවේය.
නිසියාකාර හැදුනුම්පතක් සකස් කර ගතහොත් ජාතියක් හැටියට ආරක්ෂාවක් සපයන බවද ඔහු කීවේය.
මින් ඉදිරියට අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි පුද්ගලයකුට උපතේදීම හැදුනුම්පත් අංකය ලබාදීමේ වැඩසටහන යටතේ උප්පැන්න සහතිකයට ජාතික හැඳුනුම්පත් අංකය ලබා දීම සිදු කරන බව කීවේය.
එසේ ලබා ගන්නා හැඳුනුම්පත හරහා ගමන් බලපත්‍රය, රියදුරු බලපත්‍රය ආදී රජයේ ලියකියවිලි බලපත්‍ර විවිධ අවහිර වීමකින් තොරව ලබා ගැනීමට හැකිවන බවත් ඔහු ප්‍රකාශ කළේය.
රටේ ආරක්ෂාව මාස තුනකින් තහවුරු කළ හැකි බවත් තමන්ට රුපියල් බිලියන හතලිහක් රජය ලබා දෙන්නේ නම් මාස තුනක් ඇතුළත රටේ ආරක්ෂාව රටේ සුරක්ෂිතභාවය සිදුවන වංචා තත්ත්වය සියල්ල නවතා නව තාක්ෂණය යටතේ පුද්ගලහඳුනා ගැනීම් සියල්ල අවසන් කිරීමට හැකි බවත් ඔහු කීවේය.
එස්. කරුණාරත්න

popular news
-
චමින්ද Sunday, 02 June 2019 11:48 AM
ඇමතිතුමණි ඔබතුමා කරන සේවය ඉතා ඉහලයි.නමුත් ඔබතුමාගේ යටතේ ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් වැන්ඳඹු විශ්‍රාම වැටුපක් සකස්කර ගන්න තමයි අමාරු මම දන්නා විශ්‍රාමික මහතෙක් මාර්තු මාසයේ කොළඹ රෝහලේදී මළා.රෝහලේ උපත් හා මරණ සහතික රෙජිස්ටාර් සහතික කල මරණ සහතිකයකුත් ලැබුනා.නමුත් මේ සහතිකය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් නිකුත් නොකල නිසා මරණකරුගේ කොට්ඨාශයේ විශ්‍රාම වැටුප් නිළධාරීන් එම සහතිකය භාර ගන්නේ නැහැ.මැයි මස අවසානයේ කොළඹ රෝහලට අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් මරණ සහතිකයක් ඉල්ලුවාම තවම පොත ලැබුනේ නැහැ කියනවා.විශ්‍රාම වැටුපෙන් ජීවත්වූ වැන්ඳඹුවට දෙයියන්ගේම පිහිටයි ඇමතිතුමා
Reply : 0 1
ලසන්ත Monday, 03 June 2019 06:33 AM
කොළඹ රෝහලේ මරණ සහතික පොතක් දිනකින් නැත්නම් දෙකකින් අවසන්වෙන්න පුලුවන්.නමුත් කිසිම පහසුකමක් නැති ගම්බද ප්‍රදේශවල මරණ සහතික පොතක් අවසන් වෙන්න සාමාන්‍යයෙන් අවුරුද්දක් දෙකක් නැත්නම් ඊටත් වැඩි කාලයක් යනවා.එවැනි අවස්ථා වලදී වැන්දඹුවත්‘ මියයන තුරු මරණ සහතිකයක් ගන්න බැරිවෙනවා රජයෙන් පත්කල විවාහ උප්පැන්න හා මරණ ලියාපදිංචි කරණ රෙජිස්ටාර් වරයාගේ සහතිකයත් රජයේ කාර්යාලයක් නොපිළිගන්නේ නම් කලයුත්තේ කුමක්ද ඇමතිතුමනි.මේවැනි තත්වයන්ටත් සාධාරණයක් ඉටුකරන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

