ඉදිරි රජයේ අපේක්ෂාව කෘෂිකර්මාන්තය හා බැදුණු යටිතල පහසුකම් සංවර්ධනය කොට තිරසාර කෘෂිකර්මාන්ත පිළිවෙතක් රටට හඳුන්වා දීම බව කෘෂිකර්ම,පශු සම්පත් සංවර්ධන,වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.
යාන්ඔය ජලාශ ඉදිකිරීමේදී ඉඩම් පරිත්‍යාග කළ ගොවීන් හට 2018 මහ කන්නයේදී කන්න වන්දි පිරිනැමීමට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ,
මේ වනවිට මොරගහකන්ද සහ කළුගඟ ජලාශයේ ජලය අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව වෙත ලබාදීම සඳහා අවශ්‍ය ඇළවේලී ඉදිරියේදී කඩිනම්ව ඉදිකරන බවත්, එමඟින් පදවිය කෙලවරෙහි ජනතාව වෙත ලබා දීම තම අපේක්ෂාව බවත් අමාත්‍යවරයා පැවසීය.
යාන්ඔය ජලාශයට සමගාමීව වාහල්කඩ පදවිය වැව් මඟින් ගොවිතැන් කිරීමට නොහැකි වූ පදවිය සීමාවේ ඉඩම් වෙතද ජලය ලබාදීම සඳහා මේ වනවිට වාරිමාර්ග දෙපාර්තමේන්තුව සමඟ ස්ථීර වැඩපිළිවෙලක් සඳහා සාකච්ඡා අරඹා ඇති බවද ඔහු පැවසීය.
රාජාංගණය සහ කනදරාව ජලාශයන්හි ජලය උපයෝගීකර ගනිමින් එම ප්‍රදේශ වලම ජනතාව වෙත පිරිසුදු පානීය ජල ව්‍යාපෘති අරඹන බවත්, එමඟින් එම ප්‍රදේශවල ව්‍යාප්ත වී ඇති වකුගඩු රෝගයට පිළියමක් වනු ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
ඉදිරියේදී කෘෂිකර්මාන්තය නගා සිටුවීම සඳහා කෘෂි පර්යේෂණ නිලධාරීන් බඳවා ගැනීමේදී කෘෂිකර්මය පිළිබඳව මනා දැනුමකින් පරිපූර්ණ පිරිස් බඳවා ගැනීමටත්, කෘෂිකර්ම විද්‍යාලවල ඉගෙනුම ලැබූවන්ට එහිදී ප්‍රමුඛතාවය ලබාදෙන බව අමාත්‍යවරයා පැවසීය.
එමඟින් කෘෂිකර්මාන්තය පිළිබඳව ගොවියා හා නිලධාරියා අතර සබඳතාව දියුණු වී කෘෂිකර්මාන්තය තුළ ඇති ගැටලු විසදා ගැනීමට හැකියාව ඇති බව කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසීය.
