ඉදිරියට තැබූ අඩිය කිසිසේත්ම පස්සට ගන්නේ නෑ - සජිත්
තමන් ඉදිරියට තැබූ අඩිය කිසිසේත්ම පිටුපසට නොගන්නා බවත් ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා කවුරුන්ද යන්න තේරීම තම කාර්යයක් නොවන බවත් එය කෘතාධිකාරී මණ්ඩලය ඇතුලු පක්ෂය විසින් තීරණය කරන බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (22දා) මහනුවරදි ප්‍රකාශ කළේය.
අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මහනුවරට පැමිණ මල්වතු මහා විහාරයට ගොස් මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැ දැක අනතුරුව අස්ගිරි මහ විහාරයේදී එම පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් බැහැ දැක සාකච්ඡාවේ නිරතවිය.
“මගේ ඉදිරි දේශපාලන ගමනට බුදු දහමවත්, සම්බුද්ධ ශාසනයවත් පාලමක් බවට පත් කර ගන්නේ නෑ. පුරාවිද්‍යාත්මක වටිනාකමක් තිබෙන සිද්ධස්ථාන සියල්ලම සුරක්ෂිත කිරීමට මම කටයුතු කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන බුදු දහම සුරක්ෂිත කිරීම පිළිබද වගන්තිය හරියාකාරව ඉටු කරනවා.
ඔබලා මගෙන් ජනාධිපතිවරණයක් පිළිබඳව විමසනවා. නමුත් මගේ ඔළුවේ තිබෙන්නේ මැතිවරණයක් සම්බන්ධ සිතුවිල්ලක් නොවෙයි. චෛත්‍ය එක්දහස් එකසිය විසිපහක් හදන්නට ඇති කාරණයයි. ජනාධිපතරවරණය පිළිබදව අනෙක් අයගෙන් අසා දැනගන්න. සෑමටකම ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු කිරීමට කටයුතු කරනවා.”


popular news
-
Tharaka Kaldera Monday, 22 July 2019 05:45 PM
ඔබතුමාට පක්ෂය අය කැමතී. එත් දැන් නෙමි, ඔබගේ වාරය එනකන් ඉවසීමෙන් ඉන්න
Reply : 0 0
Champa Tuesday, 23 July 2019 12:39 PM
මේ කියල තියෙන "බුදු දහමවත්, සම්බුද්ධ ශාසනයවත් පාලමක් බවට පත් කර ගන්නේ නෑ" කියන කතාවට සම්පූරණ විරෝධය පල කරනවා. බුදු දහම සහ සම්බුද්ධ සාසනය තියෙන්නේ දෙපා තබන පාලමක් විදිහට පාවිච්චි කරන්න නෙමෙයි, රටේ නායකයා සම්බුද්ධ සාසනය හිස උඩ තියාගෙන මුදුන් මල් කඩක් වගේ ආරක්ෂා කරන, තමන් සිංහල බෞද්ධයෙක් බව කෙලින් කියන්න කොන්ද පණ තියෙන මිනිහෙක් වෙන්න ඕනේ. මේ කතාවෙන් සහ ව්‍යවස්ථාවේ තියෙන වගන්තිය අනුව වැඩ කරනවා කීමෙන් ඇඟවෙන්නේ සජිත් බුදු දහමට මුල් තැන දෙන කෙනෙක් නෙමෙයි කියන එක. ව්‍යවස්ථාවේ වගන්තිය ලංකාවේ බුදු දහම ආරක්ෂා කරන්න ප්‍රමාණවත් මදි කියන එක වහල් ආණ්ඩුවම ඔප්පු කරලා ඉවරයි. රටේ ඊළඟ නායකයාට අනිවාර්යයෙන්ම ප්‍රයෝගික නීති කිහිපයක් ක්රියාත්මන කරන්න වෙනවා සම්බුද්ධ සාසනය ආරක්ෂා කරගන්න. සම්බුද්ධ සාසනය කියන්නේ බුද්ධ ධර්මය, ඒ ධර්මය ප්‍රචාරණය කරන මහා සංඝ රත්නය, ඒ ධර්මය අනුගමනය කරන, බෞද්ධ වත් පිළිවෙත්, පුද පූජා සහ සිරිත් විරිත් ආරක්ෂා කරන ගිහියන් සහ පන්සල්, පුරා වස්තු ඇතුළු සියල්ලම. මේ ගැන කතා කිරීම දෙපා තබන පාලමක් හැටියට දකින අබෞද්ධයෙක් රටේ ජනාධිපති කරන්න මිනිස්සුන්ට සෑහෙන මොලේ අමාරුවක් තියෙන්න ඕනේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

