ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි මේ වැඩ නැති අගමැති කෙනෙක් - හදුන්නෙත්ති
ව්‍යවස්ථා විරෝධි කුමන්ත්‍රණය පරාජය කිරිම සදහා ඉදිරියටත් කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ මාතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පැවසිය.
හෙතෙම මේ බව පැවසුවේ මාතරදි පැවති ජන හමුවකට එක්වෙමිනි.
එහිදි අදහස් පළකල මන්ත්‍රීවරයා
‘‘ අද අපි මේ එකතු වෙලා ඉන්නේ අපේ රටේ දේශපාලනයේ තිරණාත්මක අවස්ථාවක, මේ මොහොතේ අපේ රට කොයිපැත්තටද යන්නේ, අපේ රටේ ප්‍රජාත්‍රන්තවාදයට මොකද වෙන්නේ, ජන ජිවිතකයට මොකද වෙන්නේ, කියන සැක සංකා පහු කරලා ජනතාවට ඕනම එකාධිපතියෙක් පරාජය කරන්න පුළුවන් කියන තැන තමයි අද ඉන්නේ .
සාමානයෙන් වැඩ තහනම් වෙන්නෙ රජයේ හෝ පුද්ගලික සේවකයෝ. දැන් ලංකා ඉතිහාසයේ පළමු වතාවට තමයි අගමැති කෙනෙක් වැඩ තහනම් වෙලා තියෙන්නේ. පි.එම් , එම්.පි වෙලා තියෙන්නේ. මේ කුමන්ත්‍රණය ආරම්භ කළ වෙලාවේම සිරිසේන මහත්තයයි රාජපක්ෂ කල්ලියයි කවුරුත් හිතුවා මේක ආපස්සට හරවන්න බැ කියලා.
හැබැයි මේ කුමන්ත්‍රණය ආපස්සට හරවන්න ඕන කියන නිවැරදි තිරණය පළවෙනි තත්පරයෙදිම අප ජනතාවට ලබාදුන්නා. ඒ වෙනුවෙන් කළ හැකි සියලූ දේ කළා" යනුවෙන් හදුන්නෙත්ති මහතා වැඩිදුරටත් පැවසීය.
මාතර - මහේෂ් මලවආරච්චි

popular news
-
මුනසිංහ Wednesday, 12 December 2018 08:24 PM
මෙයාලගෙ වැඩේ කයිවාරුව විතරයි. කොහොමටත් ලබන සැරේ 0 තමයි.
Reply : 0 0
Kumar Wednesday, 12 December 2018 10:33 PM
හරියට කියනවනම් බලලොබි කිසිම වැඩකට හොද නැති අගමැති කෙනෙක් කියන්න ඔනෙ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
