ඉතාලි සැකකරු ලක් රාජ්‍ය තාන්ත්‍රිකයෙක් නෙමෙයි
පුද්ගල ජාවාරම් චෝදනා මත මිලාන් නුවරදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකිකයා ශ්‍රී ලංකාවේ කිසිඳු විදේශීය දූත මණ්ඩලයක හෝ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සේවය නොකරන්නෙකු බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
තරුණයන් සිවුදෙනකු නීති විරෝධීව ඉතාලියට රැගෙන ඒමට උත්සහ කිරීමේ චෝදනාව මොහු මිලාන් නුවර මල්පෙන්සා ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගැනුණි.
සැකකරු සතුව වලංගු රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් නොමැති බවත්, ශ්‍රී ලංකාවේ රජයේ ආයතනයක සේවයේ නියුතු වීම පදනම් කරගෙන ඔහු වෙත නිකුත් කර ඇති නිල විදේශ ගමන් බලපත්‍රයක් මගින් මෙම පුද්ගලයා ඉතාලිය බලා පිටත්ව ගොස් ඇති බවත් එම නිවේදනයේ දැක්වේ.
එසේම ඔහු කොන්ත්‍රාත් පදනම මත 2012-2015 යන කාලය තුළ විදේශ රටක රාජ්‍ය තාන්ත්‍රික තනතුරක් දරා ඇති නමුත් කොන්ත්‍රාත් කාලය අවසානයේදී අවලංගු කළ රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ඔහු සතුව තිබී ඇති බවට තහවුරු කරගෙන ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
popular news
-
mahinda Tuesday, 18 September 2018 07:30 PM
පරණ ආණ්ඩුවේ හොරෙක් ...
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

