ඉතාලි ජාතිකයෙකුගේ පහර දීමෙන් ලාංකිකයෙකු කෝමා තත්ත්වයට
වසර 10 ක පමණ කාලයක සිට ඉතාලියේ නාපෝලි නගරයේ ජිවත් වෙමින් ව්යාපාරික කටයුතුවල නිරතව සිටි ශ්රිලාංකිකයෙක් පසුගිය සිකුරදා ඉතාලි ජාතිකයෙක් අතර ඇති වු බහින්බස් වීමක් දුරදිග ගොස් ඉතාලි ජාතිකයාගේ පහරදීමකින් බරපතල තුවාල ලබා සිහිසුන් කෝමා තත්වයෙන් නාපොලි සන් ජොවන්නි බොස්කෝ රෝහලේ පසුවන බව එරට ආරංචි මාර්ග පවසයි මෙලෙස බරපතල ලෙස තුවාල ලබා ඇත්තේ වෙන්නප්පුව බොරලැස්ස ප්රදේශයේ පදිංචිකරුවෙකු වන අශෝක ප්රනාන්දු නැමති දෙදරු පියෙකි .
තුවාල ලැබු ලාංකිකකයා පවත්වාගෙන යන ව්යාපාරික ස්ථානයට ආ එම ගොඩනැගිල්ලේ හිමිකරු වන ඉතාලි ජාතිකයා හා ඔහුගේ සොහොයුරෙකු වන අයෙක් ව්යාපාරික ස්ථානය සම්බන්ධයෙන් වු කුලි මුදලක් පිළිබඳව ලාංකිකයා සමග වු කතාබහක් දුරදිගගොස් මෙම පහරදීම සිදුව ඇති බවට එරට ආරංචි මාර්ග පවසයි. අනතුරෙන් ලාංකිකයාගේ මොළයට දැඩි හානි සිදුව ඇති බවත් මේ වන විට දින 3 ක් පුරාම කෝමා තත්වයෙන් ඔහු පසුවන බව රෝහල් ආරංචි මාර්ග පැවසු බව ඔහුගේ ඥාතින් පෙන්වා දෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

