ඉඩම් බලපත්‍රයකින් සාක්කු පුරවා ගැනීම ඉවසන්න බෑ - ජනපති
තමා මේ රටේ ජනාධිපති ධුරයට පත්වූයේ කිසිදු අයෙකු ආරක්ෂා කිරීමට නොව රටත්, ජනතාවත් ආරක්ෂා කිරීමට බව ජනපති පවසයි.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වංචා සහ දූෂණ පිළිබඳ සොයා බැලීමට තමා පත් කළ ජනාධිපති පරික්ෂණ කොමිසමේ වාර්තාව අද ලැබුණු බවත්, පසුගිය යුගය තුළ එහි සිදුව ඇති වංචා සහ අක්‍රමිකතා පිළිබඳ එමඟින් අනාවරණය කර ඇති සියලු කරුණු තමා ඉදිරියේ දී පාර්ලිමේන්තුවටත්, ජනතාවටත් හෙළි කරන බවත් ජනාධිපතිවරයා පවසයි.
වංචාව සහ දූෂණය පිටුදැකීමේ දී ඉහළ සිට පහළටත්, පහළ සිට ඉහළටත් නීතිය කි‍්‍රයාත්මක කිරීම තම ප්‍රතිපත්තිය බව ද කියා සිටියේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මහවැලි ජනපදිකයන් වෙත ඉඩම් ඔප්පු අටදහසක් ප්රදානය වෙනුවෙන් අද (02දා) පස්වරුවේ පොළොන්නරුව, සිරිපුර මධ්‍ය මහා විද්‍යාලයේ පැවති ඉඩම් ඔප්පු ප්රදානෝත්සවය අමතමිනි.
ඉහළ දේශපාලන නායකයින් සිදු කරන කෝටි, ප්‍රකෝටි මුල්‍ය වංචා මෙන් ම අහිංසක ගොවියෙකුට ඉඩම් බලපත්‍රයක් ලබාදීමේ දී තම සාක්කු පුරවා ගැනීමට උත්සහ දැරීම ද තමාට ඉවසා සිටිය නොහැකි බව පැවසූ ජනාධිපතිවරයා මේ රටේ හැට දෙලක්ෂ පනස්දහසක ජනතාවක් 2015 ජනාධිපතිවරණයේ දී තමා මේ රටේ ජනාධිපති ධූරයට පත් කරගත්තේ එම සියලු ආකාරයේ වංචා සහ දූෂණ පිටුදැකීමට බව ද කියා සිටියේය.
වංචාව හා දූෂණය පිටුදකිමින් රට ගොඩනැගීමට කටයුතු කරද්දි තමා බලයට පත්කර ගැනීමට සහය වූ අය මෙන්ම විරුද්ධ පක්ෂයේ අය ද තමාට විරුද්ධ වී සිටින බව පැවසු ජනාධිපතිවරයා ආණ්ඩුවේ ද විපක්ෂයේ ද කියා තමාට වෙනසක් නොමැති අතර සියලු වැරදිකරුවන්ට දඩුවම් ලබාදෙන බවත්, අද තමාට ආණ්ඩුවේ අය මෙන්ම විපක්ෂයේ අය ද දොස් නගන්නේ දූෂණය සහ වංචාව පිටුදැකීමට ගෙන යන වැඩපිළිවෙළ නිසා බවත් කියා සිටියේය.
popular news
-
shan Wednesday, 03 July 2019 10:07 AM
වසර 4 යනකල් උන්නේ ඊලග චන්දෙට ලකුණු දාගන්න මේවා කරන්නද අපු ගමන් කරන්න ඕනේ දේවල් දැන් කතා කරන්නේ ජනපත තමන්ට හිතාත් හා විපක්ෂයේ හොරු රකින බව රටම දන්නවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

