මන්නාරම තාරාපුරම් යුද හමුදා මාර්ග බාධකයේදී යුධ හමුදා නිලධාරීන්ට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් සමග සිදුකළ ඒකාබද්ධව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී යතුරුපැදියක් පරීක්ෂා කර යතුරුපැදියේ ආසනය යට සගවා තිබූ ඇමෙරිකානු ඩොලර් 100 නොට්ටු 706ක් සහිත පාර්සයක් සොයාගෙන තිබේ.
මෙම විදේශ මුදල් නොට්ටු ලැබුණ ආකාරය පිළිබඳව යතුරුපැදිකරුට පැහැදිලි කිරීම අපොහොසත් වූ බැවින් මෙය නීත්‍යානුකූල නොවන ආකාරයෙන් උපයාගත් මුදල්ද යන්න සම්බන්ධයෙන් සැකපිට යතුරුපැදිය එහි ගමන් කළ අවුරුදු 19ක් වන තලෛයිමන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තොරතුරු ලත් පසු එම ස්ථානයට පැමිණි තවත් ප්දුගලයෙකුද මේ සඳහා ආධාර අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරු අවුරුදු 38ක් වන පල්ලිමුන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. සැකකරුවන් අද මන්නාරම මහේස්ත්‍රාත් අඡිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.