ඇස්ට්‍රාසෙනෙකා මුලින් ගත් මර්කෙල්ට වෙන එන්නතක්
ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා (කොවිෂීල්ඩ්) කොවිඩ්-19 මර්දන එන්නත සිය පළමු වැනි මාත්‍රාව ලෙස ලබාගත් ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් ඇගේ දෙවැනි එන්නත් මාත්‍රාව ලෙස මොඩෙර්නා එන්නත ලබාගත් බව ජර්මානු ප්‍රකාශකයෙක් පැවසීය.
66 හැවිරිදි වියේ පසුවන ජර්මානු නායිකාව සිය පළමු එන්නත් මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනෙකා එන්නත පසුගිය අප්‍රේල් මාසයේදී ලබා ගත්තාය.
ඒ එවකට ජර්මානු බලධාරීන් විසින් මෙම එන්නත් මාත්‍රාව වයස අවුරුදු 60 සහ ඊට වැඩි අයට පමණක් භාවිත කිරීමට නිර්දේශ කිරීමෙන් සති දෙකකට වඩා වැඩි කාලයක් ගතවීමෙන් පසුවය.
එමෙන්ම මේ වනවිට ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබාගත් අයට දෙවැනි මාත්‍රවක් ලෙස ෆයිසර් හෝ මොඩෙර්නා එන්නත් වැඩි ඵලදායීතාවක් පෙන්වන බව පර්යේෂණ මගින්ද තහවුරු වී ඇති අතර, විශේෂයෙන්ම ඉන්දියාවේ කොවිෂීල්ඩ් එන්නත් අපනයනයේ සීමාවන් නිසාද මෙම තත්ත්වය පළමු මාත්‍රාව ලබාගෙන දෙවැනි මාත්‍රා ප්‍රමාද වී ඇති ලක්ෂ සංඛ්‍යාත එන්නත් ලාභීන්ටද මහත් අස්වැසිල්ලක් වනු ඇත.



-
Harindra weliwita Thursday, 24 June 2021 05:08 AM
ජය
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
