ඇවන්ට්ගාඩ් 4,5 හා 6 සැකකරුවන් රිමාන්ඩ්
ගාල්ල වරාය ආසන්න මුහුදේ ඇවන්ට් ගාඩ් නෞකාවේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධ නඩුවට අදාළව 4,5 හා 6 යන සැකකරුවන් එළැඹෙන 2 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට ගාල්ල මහේස්ත්රාත් හර්ෂණ කැකුණවල මහතා නියෝග කළේය.
ඒ අනුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ පිළිවෙළින් වික්ටර් සමරවිර, පාලිත වඩුගේ පියසිරි ප්රනාන්දු, කරුණාරත්න බණ්ඩා අධිකාරි එගොඩවෙල යන අයයි.
වික්ටර් සමරවිර නමැති සැකකරු ඉකුත් 8වැනිදින අධිකරණයට භාරවිමෙන් පසු අද දක්වා රිමාන්ඩ් කරන ලද අතර ඔහු මේ වනවිට කරාපිටිය රෝහලේ ප්රතිකාර ලබන බව ඔහු වෙනුවෙන් පෙනි සිටින නිතිඥවරිය අධිකරණයට දැනුම්දුන්නාය.
අපරාධ පරික්ණ දෙපාර්තමේන්තු විසින් අත් අඩංගුවට ගන්නා ලද පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක නමැති සැකකරු මේ වනවිට ජයවර්ධනපුර රෝහලේ ප්රතිකාර ලබන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේය.
සමන් දිසානායක වෙනුවෙන් පෙනි සිටි නිතිඥවරුන් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ ඔහු රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන්නේ නම් ජයවර්ධනපුර රෝහලේම නතරව ප්රතිකාර ලබා ගැනිමට ඉඩ දෙන ලෙසය.
එහිදි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව රෝහලට ගොස් විමර්ශණය කරන ලෙස ගංගොඩවිල මහේස්ත්රාත් අධිකරණය වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.
රවිඳු දියගහගේ

popular news
-
Don Friday, 19 July 2019 09:11 PM
අවන්ගාඩ් ඩොලර් පිටරට බැංකුවල තැන්පත් කරගත්තු මෝරු යහතින් කල්ගේවද්දී, හාල්මැස්සෝ අත්අඩංගුවට අරගෙන ජනතාවට කොකා පෙන්න පෙන්න ඉන්නයි ලෑස්තිය, ඒ නිසා පොලිස් බලතල ඇමති වැඩ බැරි රාජපක්සලාට කඩේ යන උන්මත්තකයෙක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

