ඇමෙරිකා සෙනට් සභිකයෙකුගෙන් ජනපතිට ලිපියක්
හිටුපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ධූරයෙන් ඉවත්කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් සහා නව අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනා දෙකේ ප්‍රතිඵල ප්‍රතික්ෂේප කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගත තීරණ සම්බන්ධයෙන් සිය දැඩි අවධානය යොමුව ඇති බව ඇමෙරිකානු සෙනට් මණ්ඩල සභික ක්‍රිස් වෑන් හෝලන් මහතා පවසයි.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමුකරමින් ඔහු මේ බව සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ නීතිය හා ව්‍යවස්ථාව අනුව එම විශ්වාසභංග යෝජනා දෙකේ ප්‍රතිඵල පිළිගන්නා ලෙසත් 2015 වසරේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපතිධූරයට පත්වීමෙන් පසුව ඇමෙරිකා හා ශ්‍රී ලංකාව අතර සබඳතා වර්ධනය වූ බවත් ඔහු පෙන්වා දෙයි.
කෙසේ වෙතත් පසුගිය සති කිහිපයේදී ගත් තීරණ හේතුවෙන් ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍ය මෙන්ම ප්රජාතන්ත්රවාදය අවධානමකට ලක්ව ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
බලයේ සිටි අග්‍රාමාත්‍යවරයා බලයෙන් පහකිරීම, පාර්ලිමේන්තු සැසිවාර අවසන් කිරීම, පාර්ලිමේන්තුව විසුරුවාහැර මැතිවරණයක් පැවැත්වීම, ප්‍රජාතන්ත්‍රවාදීව පත්වූ නියෝජතයන්ගේ ඡන්ද ප්‍රතික්ෂේප කිරීම ඇමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර වර්ධනය වූ සබඳතාවලට ගැටලුවක් ඇතිකරන බවත් ඔහු පෙන්වා දෙයි.
මේ ඇතිව තිබෙන තත්ත්වය ශ්‍රි ලංකාවේ ව්යව්වස්ථාව, නීතිය හා ප්‍රජාතන්ත්‍රවාදීව විසඳා ගන්නා ලෙස තමන් ඉල්ලා සිටින බවත් ඔහු සිය ලිපියෙන් වැඩිදුරටත් පවසයි.

popular news
-
Hemantha Friday, 23 November 2018 10:42 AM
ඔබතුමා ලියුම් එවල වැඩක් නැහැ. පත්තරේට හරි රුපවාහිනියට හරි දමන්න. එයා දකින්නේ එහෙම වුනොත් පමණි.
Reply : 0 1
rocky Saturday, 24 November 2018 07:20 AM
ඔන්න, ඔන්න. ඔබතුමා අපිව නොහොරොක් කරගන්නයි හදන්නේ. අපේ හැටි දන්නේ නැතුවා වගෙයි, තවම. ? විමල් වීරවංස උත්තමයට යකා නැග්ගොත් ඔබතුමාලගේ තානාපති කාර්යාලේ ඉස්සරහපිට මැරෙනතුරු සංවාසයක් ආරම්භ කරන්න වුනත් ඉඩ තියනවා, මුළු ඇමරිකාවම හෙල්ලුම් කන්න .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

