දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකාවේ වැඩබලන සහකාර ලේකම් ඇලිස් වෙල්ස් මහත්මිය ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වීමට නියමිතය.
ඇය අගෝස්තු 6 සිට 16 දක්වා දකුණු ආසියාවේ පාකිස්තානය, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන රටවල සංචාරය කිරීමට නියමිත බව ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරයි.
වැඩබලන සහකාර ලේකම් වෙල්ස් මහත්මිය සිය සංචාරයේදී ව්‍යාපාරිකයන්, සිවිල් සමාජ නියෝජිතයන් මෙන්ම පාකිස්තානයේ, ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
