ඇමෙරිකාවේ ආයතනයකින් වැටුප් ගෙවන උපදේශකවරයෙක් කතානායක කරු ජයසූරිය මහතාට සේවය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයෙක්ද වූ ප්‍රසාද් කාරියවසම් මහතා මෙසේ බඳවාගෙන ඇති බව ඔහු පාර්ලිමේන්තුවේදී පැවැසීය.
එයට පිළිතුරු දෙමින් කථානායකවරයා සඳහන් කළේ අන්තර් පාර්ලිමේන්තු සබඳතා තර කර ගැනීම වෙනුවෙන් මෙම බඳවා ගැනීම සිදුකර ඇති බවයි.
ඉන් අනතුරුව අදහස් දැක්වූ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ වෙනත් රටකින් වැටුප් ගෙවන උපදේශකයෙක් පාර්ලිමේන්තුවට නොගැලපෙන බවත් අවශ්‍යනම් පාර්ලිමේන්තුවෙන් වැටුප් ගෙවන උපදේශකයෙක් බඳවා ගන්නා ලෙසයි.
